Rail videos

Thursday, August 30, 2012

Rail Hike 6 අභියස

අද 2012 අගෝස්තු මාසෙ 30. කාලයක් තිස්සෙ තිබුන ආසාවක් ඉෂ්ථ වෙන්න යන්නෙ. ඒ උඩරට පැත්තෙ දුම් රිය මාර්ගෙ පයින් යන්න අවස්ථාව උදා වෙනව හෙට. ඒ කියන්නෙ 31 වෙනිද..

Rail Hike 6 නැත්නම් දුම් රිය පා ගමන 6 වන අදියර.. සඳරුවන් මලය, ටජ්මාල් මලය වගේ පිස්සන්ගෙ පිස්සුව සුව නොවෙන තාක් කල් ජීවිතේ නොවිඳපු අත්දැකීම් විඳින්න අවස්ථාව උදා කරන තවත් එක වැඩක් තමා මේ පා ගමන්.. පිස්සුව කොච්චරද කියල තේරෙනවනෙ මේ යන්න 6 වෙනි අදියර කීවම. අනික ගිය මාසෙ 13 වෙනිද ගියා 5 වන අදියර..
අද රෑ යන්නෙ 6.


2012 අගෝස්තු මාසේ 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත් වන තැපැල් දුම්රියෙන් පට්ටිපොල දක්වා දෙවන පන්තියේ ප්‍රවේශපත්‍රයක් ගෙන... පට්ටිපොලට !
31 වනදා උදෑසන 6ට පමන පට්ටිපොල දුම්රිය ස්තානයෙන් පිටත් වී,ඔහිය හරහා ඉදල්ගස් හින්න දුම්රිය ස්තානයට ගමන් කර.
එතැන් සිට උඩරට මැණිකේ දුම්රියෙන් හපුතලේ හෝ වෙලාව අනුව බන්ඩාරවෙල දක්වා ගමන් කර,
එතැන් සිට නැවත කොළඹ කොටුව දක්වා බදුල්ලෙ සිට පැමිනෙන රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹට ..


මෙන්න සැලැස්ම.



 අද උදේ සඳය දාල තියෙනව ආසම හිතෙන දෙයක් මූණු පොතේ. ඒ තමයි අපිට බිම්ගෙවල් 18ක් පහු කරන්න තියෙනව කියන එක. හැමදාමත් උදේ හවස කොළඹ යන එන ගමන් බෝතලේදි එක බිම් ගෙයක් පහු කරනව. ඒත් බිම් ගෙවල් 18ක්... හිතා ගන්න බෑ. 18ක්...!!!

මූණු පොතේනම් මේ වෙනකොට 106 දෙනෙක් එනව කියල කියනව. ඒත් ඉතින් එච්චරනම් එන්නෙ නෑ තමයි. ඒ කෙසේ වෙතත් 50ක් විතර අනිවර්යෙන්ම ඒවි.

මේක නම් අලුත්ම අත්දැකීමක් වෙනව කියන එක අනිවර්යයි.

ගොඩක් කල් තිබුණ ආසාවක් ඉෂ්ඨ වෙන්න යන මේ වෙලාවෙ මම නම් ඉන්නෙ ගොඩක් තිගැස්මෙන්.. ඒ වගේම සංතෝසෙන්... 31 වෙනිද ගෙදර ආවම අනිවර්යෙන්ම ගමන් ගැන විස්තර ඇතුව පොස්ට් එකක් රේල් හංදියෙ ලියන්නම් යන්න ආවෙ නැති අයට කියවන්නත් එක්ක...

එහෙනම් හවසට කොල ලයිට් එක වැටෙනකල් මම නවතින්නම්..

මේ ගමන යන්න අපිට පිස්සු හදපු සඳරුවන් කුඩාහෙට්ටි මලයවත්,  ටජ්මාල් වික්‍රමසිංහ මලයවත් ආයෙමත් ආදරෙන් මතක් කරන්නම්.. අපේ ගමනට අපිටම ආශිර්වාද වේවා... කිසිත් අතුරු ආබාධයක් නොවේවා... කෝච්චි පරක්කු නොවේවා..
Related Posts Plugin for WordPress, Blogger...