Rail videos

Wednesday, January 9, 2013

කෝච්චිය එනතුරු පාලම උඩ


මම අද උදේම රේල් හන්දියෙන් ගහපු ලස්සන කලු වුනත් දැකුම්කලු අපේම ටී ශර්ට් එකත් ඇඳගෙන ගෙදරින් පිටත් වුනේ කෝච්චියක් අල්ලගන්නෙ නැතුව ගෙදර එන්නෙ නෑ කියල හිතාගෙනමයි.සාමාන්‍යෙන් මාව සෙනසුරාදට අල්ලගන්න ටිකක් අමාරුයි.කොටින්ම නිවාඩු දවස උනාට ගෙදර නෑ.ඉන්න තැනක් දන්නෙත් නෑ,මේ ඉන්නව,මේ අතුරුදන්.

ඉතින් අද ගෑල්ලමයා එක්ක රවුම් ගහ ගහ ඉන්දැද්දි කොග්ගල ගියා.මේ පහල පින්තූරෙ තියෙන්නෙ මම ආසම තැනක්.ඉස්සර මම ඔතන දැකල තිබුනෙ කතරගම යද්දි අහුවෙන තැනක් විදිහට.මොකද ගාල්ලෙ ආවත් කොග්ගල පැත්තෙ මම එවෙන්නෙම නෑ.ඉතින් හෙන ආසයි ඒ පාලම කොහෙද කියල හරියට දැනගන්න.එදා මාතර හයික් එක ගිය වෙලාවෙ අපිට මෙතනදි අස්ප වේගෙන් ගිය M4 එක මිස් වුනා නෙ.

අද මම මෙතනට ආවෙ හවස 4.48ට.ඒ කියන්නෙ ගාල්ලෙන් ගාලු කුමාරි මාතර යන්න පිටත් වෙන්නෙ 4.45ට හින්ද මෙතනදි අල්ලගන්න පුලුවන් වෙයි කියල හිතන්.මගෙ වෙලාවටම අද කෝච්චිය පරක්කුයි.ඉතින් 5.24 වෙනකම් බලාගෙන හිටියෙ ගෑල්ලමයටත් පරක්කු වෙලා තියෙද්දි.බැරිම තැන ආපහු එන්න හදනකොටම මෙන්න ගල් මාලුවා මතු වෙච්චි.ෆෝන් එක ගත්තා..පින්තූරෙකුත් ගත්තා.
කොලිටි එක නම් ඒ තරම් නෑ..ඒත් මට අවස්තාව සෑහෙන වැදගත් වුනා.ආසව තිබුනා.ඉශ්ට කරගත්ත.

දකුනෙ ලස්සන තැන් වලින් එකක් නේ මේ කොග්ගල ඒරියා එක.කොග්ගල ස්ටේශම පහු වුන ගමන් මාතර පැත්තට යද්දි මේ පාලම අහුවෙන්නෙ.මම මේක ගත්තෙ මහ පාරෙ තියෙන පාලම උඩ ඉඳන්.ඔන්න ඕකයි කතාව..මට මොන දේ වෙනුවෙන් බැරි වුනත් කෝච්චියක් එනකම් ඉවසන් ඉන්න පුලුවන් !!!

කෝච්චියක් HDR කරමුද?




                                                            කැමති නම් අත්හදා බලන්න..


HDR (එච්. ඩී. ආර්) ෆොටෝ ගැන දන්නව නෙ....?
මේ කියන්න හදන්නෙ High Dynamic Range එහෙම නැත්තම් අධි ගතික පරාසයකින් යුක්ත කෝච්චි ෆොටෝ එකක් හදාගන්න විදිහ.

ඔයාල ගාව තියෙන කැමරාව මොකක් වුනත් බලන්න සෙටින්ග්ස් වල තියෙද කියල එක්ස්පෝස් (exposure) කියල සෙටින්ග් එකක්.එහෙම නැත්තම් Ev අගය කියල ඇති.අන්න ඒක වෙනස් කරල පින්තූර තුනක් වත් අඩුම තරමෙ ගන්න ඕන.ඒ කියන්නෙ Ev අගය 0 තියල සාමාන්‍ය ව්දිහට පේනකොට එකක් ගන්න.Ev අගය අඩු කරල (Eg: -2)එකක් තව ගන්න.ඊ ගාවට වැඩි කරල (Eg: +2)තවත් එකක් ගන්න.මේ විදිහට තුනක් හරි ඊට වැඩි අගයන් දෙපැත්තට සමානව දීල කීපයක්ම ගන්න.මේ වැඩේට ට්‍රයිපොඩ් තියෙනව නම් වඩා ලේසි.නැත්තම් අලයින්මන්ට් හදන්න අමාරු වෙනව.

දැන් ඔය පින්තූර කීපයම ෆොටෝශොප් වලින් ඕපන් කරගන්න.ෆයිල් මෙනුවේ ඔටෝමේට් වලින් මර්ජ් ටු එච් ඩී ආර් කියන කොටසට යන්න

ඊට පස්සෙ යුස් කියන එකෙන් ෆයිල් තෝරන්න.දැන් ඕපන් කරගෙන තියෙන පින්තූර ටික සිලෙක්ට් කරන්න ඕන හින්දා ඇඩ් ඕපන් ෆයිල්ස් කියන කමාන්ඩ් එක දීල වැඩේ අහවර කරගන්න නම් ඕ කේ කරන්න.දැන් වැඩේ ඉබේ කෙරෙයි.බලන් ඉන්න ටිකක්.ඊට පස්සෙ මේ HDR පින්තූරෙ වගෙ එකක් හදාගන්න පුලුවන්.
තව HDR එකක්

HDR වලට මීට වඩා හොඳ සොෆ්ට්වෙයා තියෙනව.ඒත් මේ කිව්වෙ නම් ෆොටෝශොප් වලින් කරගන්න විදිහයි.ට්‍රයි කරල බලන්න.වැඩේ අසාර්තකම නැති වේවි !! 

Sunday, January 6, 2013

රේල්ලුවෙන් පිට කට්ටියක් කෝච්චි එන්ජිමක් හෝදපු පලවෙනි වතාවේ කතාව


2012-12-28 

ඔන්න අද දවස ගෙවුන හැටි...
කාලෙක ඉඳන් මට තිබුන මහා අමාරුවක් තමයි මහ විසාල කෝච්චි එන්ජින් හොදන්නෙ කොහොමද 
බලන්න.ඒක ඒ තරම් දෙයක්ය කියල හිතුනෙත් නෑ හැබැයි.ඉතින් මට ඕන වුනා ඒ වගෙ එන්ජිමක් අරගෙන මටත් හෝදන්න පුලුවන්ද බලන්න.මොකද මම ඒවට පට්ට ආදරේ කරනව.,ඒ වගෙම සෑහෙන රෙස්පෙක්ට් 
විදිහට කෝච්චි එන්ජිමක් දිහා වුනත් බලන්නෙ...ලොල්

පින්තූරෙ නම් ගත්තෙ සුරේශ් කව්ශල්‍ය
ඒ හින්දම මම ට්‍රයි කරා ඒ වැඩේ කරන්න,තනියම කරන්න බෑනෙ.ඉතින් හන්දියෙ කෝච්චි යාලුවො 
කීප දෙනෙක්වත් එකතු කරන් වැඩේ කරන්න හැදුවා.අද තමා දවස.මේ අවුරුද්දෙ අන්තිම කෝච්චි 
ඉවෙන්ට් එක.හයික් 7 එකත් කැන්සල් වුනානෙ.හිතට පට්ට අවුල් ඒ හින්දම.ඒ පාර අද උදේම සාගරික එකෙන් මමයි සුරේශයයි කොළඹ ආව.
ටජා ආවෙ ටිකක් දවල් වෙලා ගාලු කුමාරි එක්ක.ඒ පාර චරියා වෙලාවට ඇවිල්ල හිටිය හින්ද අවුලක් වුනෙ නෑ.හැබැයි කෝරලයා එන්න තමා වෙලාව ගියේ 
ගාල්ලෙ ඉඳන් උදේ පාන්දර අපි එද්දි කෝරලයා බුදියගෙන හොඳට කාල බීල දවල් වෙලා මෙන්න එනෝ ඒ 
පාර.හරි මේ ඉන්නෙ සෙනග.කතා කරගත්ත විදිහට ELS  එකෙන් M9 එකක් ඉල්ලගත්ත.

M9 869 ...ටජා නැග්ග එන්ජිමෙ වහලට,ගැහුව 
කරාමෙට වතුර බටේ.ඇල්ලුව වතුර හෝ ගාල.එන්ජිම හේදෙනකොට සතුටේ බෑ.
අකටත් වඩා ඒ වෙලාවෙ මට ආපු සතුටට මගෙ ඇස් දෙක්න් ජබොක් ගාල කඳුලු බින්දුවක් වැටුන M9 එක 
උඩටම.ඒක කව් රුවත් දැක්කෙ නෑ.මම වතුර පොඩ්ඩක් මූනට අල්ලගත්ත ඒක නොපෙනෙන්න...හෙහ් හේ..


කොහොමහරි ටී පෝල් වලින් සුද්ද කරල බොහොම අගේට නාවල ගත්තු M9 එකේ සුද්ද කරන වැඩේට අපිට 
පැයක් දෙකක්ම ගියා.ඔය වැඩේ බලන්න මුලු ශෙඩ් එකේම අයියලා සැරින් සැරේ ඇවිල්ල බලන් හිටිය හොරෙන් හොරෙන්.මේක මේ විකාර වැඩක් මත් නෙමේයි ඉතින්.පිස්සුවක් වුනාට මේ වැඩේ කලින් රේල්ලුවෙන් පිට අය කරල තිබුනෙ නෑ නෙ.වැඩේ අමාරුයි අවන්කවම කියනව නම්.ඒත් මහන්සිය දැනෙන්නේ  නෑ.

ඔය අස්සෙ අපෙ වැඩේ දිහා බලාගෙන හිත යටින් ගොඩාක් සන්තෝස වුන කෙනෙක් එතන හිටිය.එයා තමයි වැඩේ ඇරේන්ජ් කරල දුන්නෙ

ඉතින් අන්තිමේ වැඩේ ඉවර කරල සෙට් එකම ඉඳල පින්තූරෙ ගන්නකොට මරේ මරු.ඒ මොහොත ආයෙ එයිද දන්නෙ නෑ.හැබැයි ජීවිතේ කෙනෙක්ට ලන් කරගන්න අමාරු,සොඳුරුතම මොහොතක් විදිහට මම ඒක අත් වින්ද.ආපු ,උදව් කරපු ඔක්කොමලාට ස්තුති.පින්තූර ගන්න මහ කැමරාව ගෙනාපු සුරේශ්ට,අතුල්ලලා 
හොදපු ඉශාට වගේම කුනු යවන්න නියපොත්ත අඹරවපු චරියට,හොරාට ඔෆිස් එකෙන් පැනල ඇවිල්ල විඩියෝ කරපු දර්ශනයා වගෙම M9 එක උඩ ඉඳන් අයිස් මල්ලෙන් ටැප් එක ඇරල වතුර සප්ලයි කරපු ටජාට වගෙම 
මටත් මම ස්තුති වෙනව.ඒ මේ වැඩේ කරන්න මට අයිඩියා එක දුන්නට.. ලොල්
එකේ කාර්‍ය මන්ඩලයට වගේම නන් අයුරින් සහය දීපු ඔක්කොටම ස්තුති

අන්තිමේ අර අහවක් අයිස් කැබ් රයිඩ් එක දාල රුහුනෙ නැගල කට ඇරගෙන නිදාගන ආපු අපි ගෙවල් වලට එද්දි රෑ බෝ වෙලා...

හන්දිය වෙනුවෙන් තවත් දවසක් ඉවර කරා

M6 785 එන්ජීමේ නැගලා බදුල්ලෙ ගිය ගමන


මේ කියන්න හදන්නෙ 2012 සැප්තැම්බර් මාසෙ වුන සිද්දියක් ගැන,එහෙමත් නැත්තම් ගියපු ගමනක් ගැන.මට සාමන්‍යෙන් නිවාඩුව වැටෙන්නෙ සතියකට දවස් දෙකක් වෙන්න.ඒකත් සිකුරාදයි සෙනසුරාදයි තමයි.ඉතින් මට බදාද,බ්‍රහස්පතින්ද වෙනකොට නලියන්න ගන්නව.කොහෙ හරි රවුමක් ගහන්න යන්න ඕන වෙනව.

එදත් බදාද වෙනකොට මට ඔන්න අඩුම ගානෙ කෝච්චියෙ කොහෙ හරි යන්න ඕන වෙල හිටියෙ.මම චතුරට කෝල් කරල ඇහුව උඹට සිකුරාද ෆ්‍රී නම් බදුල්ල පැත්තෙ යමුද කියල.අලුත කසාද බැන්ද මිනිහ හින්ද ඇහුවෙත් නිකම් අර නොආහ බැරිම තැන.මොකද වයිපරේ කෑ ගහන්නෙ මට නෙ.
කොහොම හරි මිනිහ වැඩේට සෙට්.ඒ පාර මම තව දෙතුන් දෙනෙක්ට කිව්ව මෙහෙම යන්න හිතන් ඉන්නව එනවද කියල.සිකුරාද ගොඩක් අයට නිවාඩු නෑනෙ.ඒ හින්ද නෝ සෙනග.



අන්තිමට ගමනට සෙට් වුනේ මායි,චතුරයි,කාන්චනයි,රේල් හන්දියෙ වීඩියෝ මෑන් විරාජයයි තමයි.ඒ පාර කට්ටිය සෙට්...බට් නෝ රියල් ප්ලෑන් ටු ගෝ.මම කිව්ව හිටහන් බලන්න කියල..ගත්ත කෝල් එකක් නාවලපිටියෙ මගෙ යාලුවෙක්ට.ඩ්‍රයිවර් බොස් කෙනෙක්.හරි වැඩේ ගොඩ.එහෙනම් සිකුරාද පොඩි මැණිකේ කෝච්චියෙ කැබ් රයිඩ් එකක් රෙඩි.ඒ කියන්නෙ එන්ජිමේ යන්න තියෙන්නෙ නාවලපිටියෙ ඉඳන් බදුල්ලෙ.
තව අවුලක්......කෝ නවතින්න තැනක්???

"ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගමු ගිහින් හරි.වැඩේට බහිමු"
කව්ද එකෙක් කිව්ව හතර දෙනාගෙන්.ඒ සැරේ බ්‍රහස්පතින්ද හවස වැඩ ඇරිල මම, එහෙමම මොරටුවෙ චතුරලගෙ මහ ගෙදර ගියා.පොර නෝනත් එක්කම ඇවිල්ල හිටියේ මම යද්දි..අම්මට සිරි.දැන් කොහොමද මම එයාට මූන දෙන්නෙ.ගෙදර ගෑනි ඉද්දි යාලුවො එක්ක කැබ් රයිඩ්..හපොයි.ඒකත් හරි යන්තම් ගුටි නොකා රෑ ගෙවාගත්ත.

කාන්චනයා ඉන්නෙ අනුරාධපුරේ නෙ.ඉතින් පොර ඒ හින්ද මම ගාල්ලෙ ඉඳන් බ්‍රහස්පතින්ද මොරටු ආව වගෙම එහෙන් ඇවිල්ල තිබුන එදා රෑ නයිට් මේල් එකේ.ඒ කියන්නෙ උදේ වෙනකොට කොළඹ.
ඉතින් පහුවදා,ඒ කියන්නෙ සිකුරාද එලිවෙන පාන්දර නැගිටින්න වුනා.කෝච්චිය කොටුවෙන් යන්නෙ උදේ 5.55 ට.ඉතින් 5.30 වගෙ වෙනකොට කොටුවෙ ඉන්න ඕන නෙ.ඒ හින්දම 4.00 වගෙ නැගිටින්න වුනා මොරටුවෙ ඉඳලත්.
උදේ නැගිට්ට ගමන්ම අහන්න හම්බුනේ මාර සිද්දියක්.අපෙ නාවලපිටියෙ ඩ්‍රයිවර් බොස් මෙහෙම කියාපි "මේ මල්ලි,මාර වැඩේ නේ.ඊයෙ රෑ මට හදිසියෙ බණ්ඩාරවෙල ටර්න් එකේ යන්න වුනා.දැනුයි මේ නාවලපිටියට ආවෙ.මට පැය හතරයි නිදාගන්න වෙන්නෙ එහෙම වුනොත්,අමාරුයි නේ ඊට පස්සෙ පැය හයක් කෝච්චිය ගෙනියන්න.ඒ හින්ද මම අපේ වෙන කෙනෙක්ට ටර්න් එක දුන්නා" හෑ...ගමන චාටර් වෙන්න යන්නෙ..මට එහෙම හිතෙනකොටම එයා කියනව ඒ දීපු කෙනාගෙ නමත්..ආ අවුලක් නෑ.මම ඒ බොසත් හොඳට දන්න කෙනෙක්.අවුලක් නෑ ඉතින් "එහෙනම් ශේප් ඉතින්" මම කිව්ව..
ඔන්න උදේම වෙච්චි දෙයක් !!

මමයි චතුරයි දෙන්න මොරටුවෙන් බස් එකක නැගල ආව කොටුවට.කාන්චන ඉන්නව නිදිමතේ ස්ටේශමට වෙලා.ඒ පාර අපි තුන් දෙනා ගිහින් බැලුව මොකද්ද අද එන්ජිම කියල....
ශහ්.නිකම් අපිටම එව්ව වගෙ M6 785.අලුතින්ම පේන්ට් කරල අලුත්වැඩියා කරල ටික කාලයයි වෙන්නෙ.අනෙක කවදාවත් 785ට නැගල තිබුනෙත් නෑ අපි හතර දෙනාම ඒ වෙනකොට.

කො එතකොට මේ විරාජයා.???මිනිහ ඉන්නෙ නම් මහනුවර.ඒත් බෝඩ් වෙලා ඉන්නෙ මහරගම පැත්තෙ බෝඩිමකද කොහෙද.කලින් දවසෙ,ඒ කියන්නෙ බ්‍රහස්පතින්ද රෑ මිනිහා මීගමුවෙ ගිහින් ඉඳලා හදිසියේ මේ ගමන හින්දම නුවර ආවලු.ඒ එද්දි සිකුරාද උදේ පාන්දර 2 ත් පහු වෙලා ලු.
ඉතින් කොහොම් කොහොම් හරි දෙයියනේ කියල උදේ 5.55 වෙනකොටම කෝච්චිය කොටුවෙන් පිටත් වුනා.අපි තුන් දෙනා ෆුට් බෝඩ් එකේ.වෙන කොහෙ යන්නද ඉතින්.නාවලපිටියෙන් නේ අපි සෙට් වෙන්නෙ එන්ජිමට.එතකොට ??? ඒක මෙහෙමයි

සාමාන්‍යෙන් දුර යන ඔය සීඝ්‍රගාමී කෝච්චි වල ඩ්‍රයිවර් බොස් ලා මගදි මාරු වෙනව.එහෙමයි ටර්න් හදල තියෙන්නෙ.ඉතින් අපි මේ යන පොඩි මැණිකෙ කෝච්චිය කොළඹ ඉඳන් නාවලපිටිය වෙනකම් ගෙනියන්නෙ දෙමටගොඩ රනින් ශෙඩ් එකේ ඩ්‍රයිවර් බොස්ලා.මොකද M2c හරි M6 හරි නේ මේ කෝච්චියට යන එන්ජිම වෙන්නෙ.

අපි තුන් දෙනා රඹුක්කනට වෙනකම් ආතල් එකේ ගියා...

රඹුක්කනට යන අතරමග උදෑසනට ලස්සනට පේන්නෙ මෙන්න මෙහෙමයි
ටිකක් ඉන්න වෙනව ඉතුරු ටික කියවන්න නම් !!!
Related Posts Plugin for WordPress, Blogger...