සිත් විනිවිද: නුඹේ සහයෝගය අවැසි මොහොතක...: මිතුරනි... හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය...
Rail videos
Saturday, January 16, 2016
Friday, August 16, 2013
කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ අංශක 360 ක් එකවර නරඹන්න
නවීකරණය කල මගී ගුවන් පාලම මත සිට
9වැනි වේදීකාවේ සිට
9වැනි වේදීකාවේ සිට
Wednesday, August 14, 2013
M6 785 එන්ජීමේ නැගලා බදුල්ලෙ ගිය ගමන හතරවෙනි කොටස
මේ බ්ලොග් සටහන ලියන්නෙ 2013 අගෝස්තු මාසෙ දවසක මම.ඒ කිව්වෙ මේ කොටස.හරියටම කියනව නම් මේ ලිපි පෙලේ 4 වෙනි ලිපිය.
අපි අන්තිමට නතර කලේ තලවාකැලේ නේ.ඔන්න බොලේ ඒ පාර නම් වැඩේ බරපතලයි.දන්නවද ඒ මොකද කියල ඔයාල.තලවකැලේ ඉඳන් වටගොඩ,ග්‍රේට් වෙස්ටර්න් හරහා නානුඔයට වෙනකම් තියෙන්නෙ තියුනු කැපුම් වගෙම බිම් ගෙවල් දෙකකුත් පහු කරගෙන බොහොම අගේ ඇති තේ වතු ලෝකයක් මැදින් ඉහලට සීරුවෙන් එසවෙන්නයි.මේක කියන තරම් සුලු පටු එකක් නෙමේ.කොටින්ම තියෙන වන්ගු ප්‍රමානෙ හිතාගන්නවත් බැරි තරම්.ඔන්න පේනවා,මෙන්න පහු වුනා වගෙ..එක තැන කෝච්චිය කැරකෙනවා.මේ කැරකෙන කැරකිල්ල ඉස්සර මට හිතාගන්න බෑ.මුලින්ම බදුල්ලෙ ගියපු දවසෙත් ( හරියට මතක නෑ කොයි කාලේද කියල )මට මතකයි ඔය වටගොඩට කලින් හම්බවෙන ඒරියා එකේ තියෙන සෝඩා බෝතල් කටේ වන්ගු සැට් එක යන්තම් වගෙ.කෝච්චිය අපි ආපු දිසාවටම කැරකෙනවා වගෙ දැනෙනව එක දිගට.ඒ වෙද්දි මම ඒ හරිය අපෙ රේල් හන්දියෙ සෙට් එකත් එක්ක හයික් 4 ඉවෙන්ට් එකත් එක්ක කවර් කරල තිබුනෙ.ඒ කියන්නෙ පයින් ගිහිල්ලයි තිබුනෙ.ඒ නිසා පාර හොඳට මතකෙ තියෙනව.16 බිම් ගේ.( තලවකැලේ වටගොඩ අතරෙ )පහුවෙනවත් එක්ක පටන් ගන්න මේ වන්ගු සීන් එක තමයි නියම.මොකද ඒ බිම් ගේ එක්කම උඩින් ආයෙත් පේන රේල් පාරට පහල රේල් පාරෙ ඉඳන් තියෙන්නෙ මීටර් 100කටත් අඩු දුරක්.ඒත් ඒ උස නගින්න කෝච්චියකට නම් හැතැක්ම භාගෙක වගෙ දුරක් රේල් පාරෙන් යන්න වෙනව.ඒ තරම් වටයකිනුයි යන්න ඕන ඒ පුන්චි උසටත්.අනේ මන්ද මීට වඩා පැහැදිලි කරන්න ඕන කෝමද කියල...හරි හරි...දැන් ඉතින් ඒ වන්ගු පහු කරගෙන අපි ගියා ය කියමුකෝ වටගොඩට.ඊ ගාවට ග්‍රේට් වෙස්ටර්න්.මම ආසම තැනක්.පුදුම ලස්සනක්.ඒ අසිරිය විඳින්න නම් මේකෙන් බෑ.ඔයත් ගිහින් නෑ නම් හෙටම යන්න..ලොල්..
නානුඔයට ට්‍රේන් එක එනකොට වෙලාව දවල් 12.40 වගේ වෙලා.නොම්මර 785 අපේ රත්තරන් කොල්ලා.අපි කලේ ඕක වටේ කැරකි කැරකී ආයෙ කන්දත් එක්කම අල්ලල ෆොටෝ ගන්න එකයි.උඩ නගිනව,එලෙනවා,කැරකෙනව..එක සෙල්ලමයි එතන.කොටින්ම කට්ටිය හෙන ඇඩ් එක වෙලා.හෙ හේ..ඒ ඇඩ් එකේ රහ දන්නෙ ඒක කරලම බලපු අය තමා....
පැනොරාම කීපෙකුත් ,තව පින්තූර කීපෙකුත් ගත්ත මම ආයෙ වේදිකාවට ගොඩවුනේ පොඩි මැනිකෙ පහලට යන කෝච්චිය ( නොම්මර 6 ) එනව කියල අනවුන්ස් කරපු නිසා ඒක බලන්න.එතකම් අපිටත් යන්න බෑ නෙ.ඒක ආවට පස්සෙ අපිට යන්න සිග්නල් දුන්න.අර යෝදය විරාජ්..ඌ ට නම් මේ කපේදි මේ කෝච්චිය අල්ලන්න වෙන්න නෑ.අපි කිව්ව බදුල්ලටම බස් එකේ වරෙන් යකියල.අපරාදෙ වුනත් මක් කරන්න යෑ.
නානුඔයට සමුදුන්නෙ ටිකක් දුකෙන්.මොකද ගොඩක්ම ආස කරන තැනක් නිසා...
සාමාන්‍ය උඩරටට ආවේනික සීතල එක්ක තිබුන තත්වය ටිකක් වෙනස් වෙන්න ගන්නව වගෙ දැනෙන්නෙ මෙන්න මේ ටිකත් පහු කරද්ද්දි.ඒ කියන්නෙ පැරකුම් පුර ඒරියා එක හරහා අඹේවෙලට ඇදෙද්දි.තවමත් කන්ද අදින අපේ 785 ට නම් මේ ගමන සාමාන්‍ය එකක්.අපිට ටිකක් විශේශිත වුනාට.පට්ටිපොල ස්ටේශන් එකට එද්දි අපිට තුනී වැහි පොදක් බාධ කරා.M6 කියන්නෙ ටිකක් ස්ලිප් ගහන්න ප්‍රසිද්ද කොල්ලො ටිකක්.මෙයත් එහෙමයි.සීනුව වැදෙන්න ගත්තා.ඒ කියන්නෙ කන්දක් අදින රේල් පාරෙ යන කෝච්චියක එන්ජිමේ,රෝද වලට තෙතමනය එක්ක ගට්ටනය අඩු නිසා,පීල්ලෙ ලිස්සන්න ගන්නව.රෝද එකතැන කැරකෙනව එන්ජිමේ.ඉස්සරහට යන්න ටිකක් අමාරු වෙනව එතකොට.ඒ බව හඟවන්න රියැදුරු කුටියෙ සීනුවක් නාද වෙනව.ඒ එක්කම බල්බ් එකක් පත්තු වේලා කියල වැටෙනව.එතකොට වැලි පෙට්ටි වලින් වැලි වැටෙන්න පටන් ගන්නව.මොනාද මේ වැලි පෙට්ටි කියන්නෙ?කෝච්චි එන්ජිමක රෝද සම්බන්ද බොගියේ තියෙන පොඩි පෙට්ටියක්.ඕකෙ තියේන්ව අවශ්‍ය පමනට වැලි.මේව නිකම්ම නිකම් වැලි නෙමේ.හොඳට හලලා,තුනීම තුනී වෙන්න රත් කරපු මූදු වැලි.කොළඹින් ඒව පුරවල චෙක් කරලයි එන්ජිම එවන්නෙ.ඉතින් එන්ජිමේ තියෙන SANDING බට්න් එකක් ඔබලා අර වැලි ඕන නම් මැනුවලි රේල් පීල්ලට වැටෙන්න සලස්වන්නත් පහසුකමක් දීලයි තියෙන්නෙ රියැදුරාට...
මේ සැරේ වැලි පොඩ්ඩක් හල හල අර ස්ලිප් එකටත් මූන දීගෙන 785 ගානකට නොගෙනම පට්ටිපොලට ගියා.සීතල මීදුම් ගුලාවක් එක්ක අතුරුදන් වෙලා ගියපු වැස්ස පේන තෙක් මානෙක නෑ දැන්.ඉර පායල නෑ,හැබැයි යන්තම් ආලෝකමත් වෙලා තියෙනව.අර උඩරටට ආවේනික අමුතු ගුප්ත ස්වරූපෙ නම් පරිසරය ගිලගෙනඉවරයි දැන් නම්.පට්ටිපොල ස්ටේසම පහු කරගෙන තවත් කිලෝමීටරයක් වගෙ ගියාම විශේශිත තැනක් හම්බවෙනව කියල සමහරු න
ම් දන්නව...ඒ තමයි අපේ රටේ කෝච්චි පාරෙ උසම තැන.අපි පහු කරපු පට්ටිපොල ස්ටේසම තමයි උසින්ම පිහිටල තියෙන ස්ටේසම. (දැනට භාවිතා වෙන )මේ සමිට් ලෙවල් එක පහු කරද්දි ඒ ගැන සටහන් වෙන බෝඩ් දෙක දකිද්දි හිතට දැනෙන අමුතු හැඟීම කෝච්චියට ආදරේ කරන අයට වගෙම මටත් දැනෙනව කොයි තරම් වත් එතනින් යන වාරයක් පාසාම.
මේ බෝඩ් දෙක පහු වෙනවත් එක්කම තමයි ආයෙ පල්ලම පටන් ගන්නෙ.ඔන්න ඉතින් දැන් කෝච්චී පවර් එකෙන් ආපු කොටහ ඉවර වෙනව.දැන් තියෙන්නෙ අර ඩයිනමික් එක පාවිච්චි කරගෙන පල්ලමේ හැල්මේ දුවන්නයි.ආයෙත් ඇහෙන M6 එන්ජිමේ ඩයිනමික් සද්දෙ මතක් වෙද්දිත් ආයේ මේ දවස එනව නම් කියල මට අනන්ත වාර හිතිල ඇති..ඔය සමිට් එක පහු කරල පුන්චි දුරකදි 18 වෙනි බිම් ගේ හමුවෙනව.අපි මේවයේ ඇවිදලා පුරුදු උදවිය නිසා ආඩම්බරකමකුත් හිතේ නැත්තෙමත් නෑ.ඔන්න මේ අරුම පුදු ම බිම් ගේ පහු වෙනව එක්කම අපි ඌව පලාතට ඇතුල් වෙනව.එතකොට දේශගුන කලාපෙ වෙනස් වෙනව.පලාත් මායිම වැටිල තියෙන්නෙ මේ 18 බිම් ගේ හරහා.විටෙක දැකිය හැකි අපූරු දර්ශනයක් මෙතනදි කෙනෙක්ට අහම්බෙන් දකින්න පුලුවන්. ඒ තමා බිම්ගේ පට්ටිපොල දෙසින් ඇතුලු වෙද්දි ගන මීදුම වගෙම තෙත් පරිසරයකුත් .අනෙක් පසින් පිට වෙද්දි හිරු එලිය වැටුනු වියලි කාලගුනයකුත් දකින්න ලැබෙන එක.අපිට නම් ඒ වෙනස ගොඩක්ම හොඳින් මේ ගමනෙදි අත්විඳින්න වුනෙ නෑ.ඒ වුනාට 18 පහු කරන් යද්දි නම් වම් පසින් පෙනෙන්න පටන් ගත්ත මහා ගන මීදුම අතරින් අපි ඉදිරියට යද්දි මට නම් දැනුනෙ අහසෙ වලාකුලු තුලින් ඇදිල යන කෝච්චියක ඉන්නව වගෙ.
හෙමින් හෙමින් අපි ඔහිය ස්ටේසමට කිට්ටු කරද්දි වෙලාව හරියටම හවස දෙකයි.මහා වැස්සක ලකුනු අහසෙන් පේන්න ගත්තා.ස්ටේසම ඇවිල්ල කෝච්චිය නවත්තපු ගමන් ස්තානාධිපති තුමා බොහොම කලබලෙන් දුවගෙන ඇවිල්ල ඩ්‍රයිවර් මහත්තයගෙ අතට කොලයක් දීල කියපු දේට අපි තුන් දෙනාගෙ කටවල් ඇරුනා.රියදුරු සහයක උන්නැහෙ සීට් එකෙන් නැගිට්ටෙත් පුදුමෙන් ද මන්ද.කොහොම වුනත් ටිකක් බය හිතෙන වගෙම අමුතුම හැඟීමක් හිතට ආවෙ මොනවයින් මොනව වෙයිද දැන් කියල හිතෙද්දි..අර ගෙනාපු කොලේ වගෙම සාතානාධිපති තුමාගෙ වචන සෙට් එක ගැන දැනගෙන ඉස්සරහට යන්න නම් ඊ ගාව කොටස ලියනකම් බලන් ඉන්න වෙයි..
හමුවෙමු.කියෙව්වට ස්තුති .
අපි අන්තිමට නතර කලේ තලවාකැලේ නේ.ඔන්න බොලේ ඒ පාර නම් වැඩේ බරපතලයි.දන්නවද ඒ මොකද කියල ඔයාල.තලවකැලේ ඉඳන් වටගොඩ,ග්‍රේට් වෙස්ටර්න් හරහා නානුඔයට වෙනකම් තියෙන්නෙ තියුනු කැපුම් වගෙම බිම් ගෙවල් දෙකකුත් පහු කරගෙන බොහොම අගේ ඇති තේ වතු ලෝකයක් මැදින් ඉහලට සීරුවෙන් එසවෙන්නයි.මේක කියන තරම් සුලු පටු එකක් නෙමේ.කොටින්ම තියෙන වන්ගු ප්‍රමානෙ හිතාගන්නවත් බැරි තරම්.ඔන්න පේනවා,මෙන්න පහු වුනා වගෙ..එක තැන කෝච්චිය කැරකෙනවා.මේ කැරකෙන කැරකිල්ල ඉස්සර මට හිතාගන්න බෑ.මුලින්ම බදුල්ලෙ ගියපු දවසෙත් ( හරියට මතක නෑ කොයි කාලේද කියල )මට මතකයි ඔය වටගොඩට කලින් හම්බවෙන ඒරියා එකේ තියෙන සෝඩා බෝතල් කටේ වන්ගු සැට් එක යන්තම් වගෙ.කෝච්චිය අපි ආපු දිසාවටම කැරකෙනවා වගෙ දැනෙනව එක දිගට.ඒ වෙද්දි මම ඒ හරිය අපෙ රේල් හන්දියෙ සෙට් එකත් එක්ක හයික් 4 ඉවෙන්ට් එකත් එක්ක කවර් කරල තිබුනෙ.ඒ කියන්නෙ පයින් ගිහිල්ලයි තිබුනෙ.ඒ නිසා පාර හොඳට මතකෙ තියෙනව.16 බිම් ගේ.( තලවකැලේ වටගොඩ අතරෙ )පහුවෙනවත් එක්ක පටන් ගන්න මේ වන්ගු සීන් එක තමයි නියම.මොකද ඒ බිම් ගේ එක්කම උඩින් ආයෙත් පේන රේල් පාරට පහල රේල් පාරෙ ඉඳන් තියෙන්නෙ මීටර් 100කටත් අඩු දුරක්.ඒත් ඒ උස නගින්න කෝච්චියකට නම් හැතැක්ම භාගෙක වගෙ දුරක් රේල් පාරෙන් යන්න වෙනව.ඒ තරම් වටයකිනුයි යන්න ඕන ඒ පුන්චි උසටත්.අනේ මන්ද මීට වඩා පැහැදිලි කරන්න ඕන කෝමද කියල...හරි හරි...දැන් ඉතින් ඒ වන්ගු පහු කරගෙන අපි ගියා ය කියමුකෝ වටගොඩට.ඊ ගාවට ග්‍රේට් වෙස්ටර්න්.මම ආසම තැනක්.පුදුම ලස්සනක්.ඒ අසිරිය විඳින්න නම් මේකෙන් බෑ.ඔයත් ගිහින් නෑ නම් හෙටම යන්න..ලොල්..
|
නානුඔයට සමුදුන්නෙ ටිකක් දුකෙන්.මොකද ගොඩක්ම ආස කරන තැනක් නිසා...
ස්ලිප් ගහන කොට එන්ජිමේ පෙන්නුම් කරන කොටස අපේ කැමරාවලින් |
මේ සැරේ වැලි පොඩ්ඩක් හල හල අර ස්ලිප් එකටත් මූන දීගෙන 785 ගානකට නොගෙනම පට්ටිපොලට ගියා.සීතල මීදුම් ගුලාවක් එක්ක අතුරුදන් වෙලා ගියපු වැස්ස පේන තෙක් මානෙක නෑ දැන්.ඉර පායල නෑ,හැබැයි යන්තම් ආලෝකමත් වෙලා තියෙනව.අර උඩරටට ආවේනික අමුතු ගුප්ත ස්වරූපෙ නම් පරිසරය ගිලගෙනඉවරයි දැන් නම්.පට්ටිපොල ස්ටේසම පහු කරගෙන තවත් කිලෝමීටරයක් වගෙ ගියාම විශේශිත තැනක් හම්බවෙනව කියල සමහරු න
ම් දන්නව...ඒ තමයි අපේ රටේ කෝච්චි පාරෙ උසම තැන.අපි පහු කරපු පට්ටිපොල ස්ටේසම තමයි උසින්ම පිහිටල තියෙන ස්ටේසම. (දැනට භාවිතා වෙන )මේ සමිට් ලෙවල් එක පහු කරද්දි ඒ ගැන සටහන් වෙන බෝඩ් දෙක දකිද්දි හිතට දැනෙන අමුතු හැඟීම කෝච්චියට ආදරේ කරන අයට වගෙම මටත් දැනෙනව කොයි තරම් වත් එතනින් යන වාරයක් පාසාම.
මේ බෝඩ් දෙක පහු වෙනවත් එක්කම තමයි ආයෙ පල්ලම පටන් ගන්නෙ.ඔන්න ඉතින් දැන් කෝච්චී පවර් එකෙන් ආපු කොටහ ඉවර වෙනව.දැන් තියෙන්නෙ අර ඩයිනමික් එක පාවිච්චි කරගෙන පල්ලමේ හැල්මේ දුවන්නයි.ආයෙත් ඇහෙන M6 එන්ජිමේ ඩයිනමික් සද්දෙ මතක් වෙද්දිත් ආයේ මේ දවස එනව නම් කියල මට අනන්ත වාර හිතිල ඇති..ඔය සමිට් එක පහු කරල පුන්චි දුරකදි 18 වෙනි බිම් ගේ හමුවෙනව.අපි මේවයේ ඇවිදලා පුරුදු උදවිය නිසා ආඩම්බරකමකුත් හිතේ නැත්තෙමත් නෑ.ඔන්න මේ අරුම පුදු ම බිම් ගේ පහු වෙනව එක්කම අපි ඌව පලාතට ඇතුල් වෙනව.එතකොට දේශගුන කලාපෙ වෙනස් වෙනව.පලාත් මායිම වැටිල තියෙන්නෙ මේ 18 බිම් ගේ හරහා.විටෙක දැකිය හැකි අපූරු දර්ශනයක් මෙතනදි කෙනෙක්ට අහම්බෙන් දකින්න පුලුවන්. ඒ තමා බිම්ගේ පට්ටිපොල දෙසින් ඇතුලු වෙද්දි ගන මීදුම වගෙම තෙත් පරිසරයකුත් .අනෙක් පසින් පිට වෙද්දි හිරු එලිය වැටුනු වියලි කාලගුනයකුත් දකින්න ලැබෙන එක.අපිට නම් ඒ වෙනස ගොඩක්ම හොඳින් මේ ගමනෙදි අත්විඳින්න වුනෙ නෑ.ඒ වුනාට 18 පහු කරන් යද්දි නම් වම් පසින් පෙනෙන්න පටන් ගත්ත මහා ගන මීදුම අතරින් අපි ඉදිරියට යද්දි මට නම් දැනුනෙ අහසෙ වලාකුලු තුලින් ඇදිල යන කෝච්චියක ඉන්නව වගෙ.
හෙමින් හෙමින් අපි ඔහිය ස්ටේසමට කිට්ටු කරද්දි වෙලාව හරියටම හවස දෙකයි.මහා වැස්සක ලකුනු අහසෙන් පේන්න ගත්තා.ස්ටේසම ඇවිල්ල කෝච්චිය නවත්තපු ගමන් ස්තානාධිපති තුමා බොහොම කලබලෙන් දුවගෙන ඇවිල්ල ඩ්‍රයිවර් මහත්තයගෙ අතට කොලයක් දීල කියපු දේට අපි තුන් දෙනාගෙ කටවල් ඇරුනා.රියදුරු සහයක උන්නැහෙ සීට් එකෙන් නැගිට්ටෙත් පුදුමෙන් ද මන්ද.කොහොම වුනත් ටිකක් බය හිතෙන වගෙම අමුතුම හැඟීමක් හිතට ආවෙ මොනවයින් මොනව වෙයිද දැන් කියල හිතෙද්දි..අර ගෙනාපු කොලේ වගෙම සාතානාධිපති තුමාගෙ වචන සෙට් එක ගැන දැනගෙන ඉස්සරහට යන්න නම් ඊ ගාව කොටස ලියනකම් බලන් ඉන්න වෙයි..
හමුවෙමු.කියෙව්වට ස්තුති .
Sunday, March 3, 2013
M6 785 එන්ජීමේ නැගලා බදුල්ලෙ ගිය ගමන තුන්වෙනි කොටස
"විශේශයක්මත් නෑ ඉතින්.වෙනද වගෙ නිවාඩු දවසෙ කෝච්චියක් අල්ලගෙන ෆොටෝ ගන්න එක තාම කරගෙන යනව" කියල මම කිව්වා.ඒ වගෙම ඉතින් පහුගිය කාලෙ පොඩි පොඩි විස්තර එහෙම මම කිව්වා.නාවලපිටියෙ ඉඳන් බදුල්ලට යනකම්ම එක එල්ලෙ ඉස්සරහ බලාගෙන යන්න පුලුවන් තරම්ම ලස්සනක් පරිසරයට ආස කරන ඕනම කෙනෙක්ට දැනෙන බව බය නැතුවම කියන්න පුලුවන් දෙයක්..
ඒ අස්සෙ චතුරයි කොඩ්තුවක්කුවයි දෙන්නා පින්තූර ගන්නව අරහෙන් මෙහෙන් එබි එබී.
මට ඒ අස්සෙ කල්පනා වෙනව අර යකා දැන් කොහෙද දන්නෑ කියල්.එතකොටම චතුර කියනව මෙන්න බන් විරාජය මැසේජ් කරනව ඌට කෝච්චිය පේනව කියල බස් එකෙ යද්දි.නින්ද ගිහින්ද මන්ද ඉතින්.ඒව මම දන්නෑ..කෝම හරි හැටන් වලදිවත් එන්න කියපන් කියලා මම කිව්වා..
ඒ අස්සෙ මට අමතක වුනානෙ අනිත් ඩබලව අපෙ ඩ්‍රයිවර් ලොක්කට අඳුන්වලා දෙන්න.මම ඉතින් ඒ දෙන්නටම කතාකරගන්න ඇරියා.වැඩේ ටිකක් ඩේන්ජරස් වුනාට මම ආසම දේ තමා M6 වල යද්දි දොර පැත්තෙන් තියෙන නිසා,ඒක ඇරගෙන පොඩ්ඩක් හුලඟ වැදීගෙන ෆුට් බෝඩ් යන්න.කෝච්චිය හෙමීට යන හින්දා වැඩි ගැස්සිල්ලකුත් නෑනෙ.ඔය අස්සෙ පින්තූර ගන්නයි වීඩියෝ කරගන්නයි මම අමතක කරෙත් නෑ..
ඉතින් හෙමීට ගල්බොඩ හරහා වටවලට ගියා කියමුකො.යන්න සිග්නල් දීල නෑ. " ක්‍රොසිමක් " මරු..නියමායි..
ඔය උඩහ පැත්තෙ යද්දි කෝච්චියෙන් ක්‍රොසිමක් සෙට් වෙනව කියන්නෙ පොඩි විවේකයක්.පොඩ්ඩක් කෝච්චියෙන් බැහැල,එහෙට මෙහෙට යතෑකි. !!
නානුඔය පැත්තෙ ඉඳන් මොකද්දෝ කෝච්චියක් එන බවක් නම් දැනුන.අපි තුන් දෙනා එන්ජිමෙන් බැහැල පොඩ්ඩක් ඉස්සරහට ගිහින් පින්තූර කීපයක් අරගත්ත.ඒ වෙලාවෙ මම අනිත් දෙන්නට පෙන්නුව "අන්න බන් අතනින් දැන් කෝච්චිය එද්දි ලස්සනට පෙනේවි" කියල ඈතට අත දික් කරලා.
ඔන්න ටික වෙලාවකදි හෝන් එකක් ඇහුන ඈතින්.ඒක W3 එන්ජිමක හෝන් එකක් බව මට තේරුනා.ඒ තරම් ෆෝටෝ ගන්න ආස නොවෙන එන්ජිමක් වුනත් කෝච්චියක් නේ කියල හිතාගෙන අපි රෙඩි වෙලා හිටිය පින්තූර කීපයක් ගන්න.W3 669 එන්ජිමෙන් පෙට්ටි 2ක් ඇදගෙන නාවලපිටිය පැත්තට යනව ඔන්න.ඒක වටවල නවත්තලා ටැබ්ලට් එක දුන්නහම.ඒක මැශිමට දාල කරල අපේ කෝච්චියට ටැබ්ලට් එක දුන්නම අපිට යන්න පුලුවන් වෙනව.ඔන්න සිග්නල් එකත් හරි.ආයෙ පිටත් වෙන්න හදන්නෙ.අපි තුන් දෙනා ආයෙ එන්ජිමට ගොඩ වුනා...
වටවල පහු කරගෙන ආයෙ යනකොට අපිට දකුනු අත පැත්තෙන් දිගටම පේන්න තියෙන පල්ලමේ ගෙවල් එහෙම බොහොම පොඩියට පේන්නෙ අපි ගොඩක් උඩින් ගමන් කරන හින්දයි.ඒ එක්කම ඈත් කන්දේ බස් එකක් ගිනි පෙට්ටියක් වගේ පොඩියට පේනව.ඒ දිහා මම ගොඩක් වෙලා බලාගෙන හිටිය පොඩි ලමයෙක් කඩේක තියෙන සෙල්ලම් බඩුවක් දිහා බලන් ඉන්නව වගෙ.
වැඩි වෙලාවක් එහෙම ඉන්න වුනෙ නෑ.මට මතක් වුනා රොසැල්ල ලඟයි නේද කියල.මම අනිත් ඩබලට මතක් කරා ඔන්න බන් ලන්කාවෙ ලොකුම ඒ කියන්නෙ පත සයිස් වන්ගු දෙක එනවා රොසැල්ලෙ, පින්තූර ගනිල්ලා කියල.
රොසැල්ලෙ තියෙනව අරය මීටර 100 ට වැඩි මහ විසාල වන්ගු දෙකක්.හරියටම ඉන්ග්‍රීසි හෝඩියේ S අකුරෙ හැඩේට පේනවලු උඩින් බැලුවොත්.රොසැල්ල ස්ටේසම පෙනි පෙනී වමට හැරිලා මෙහා කන්දෙන් ගිහින් ආයෙ දකුනුට හැරිල ගියාමයි ස්ටේසමට එන්නෙ කෝච්චිය.අපි එතනට ගිහින් පලවෙනි වේදිකාවෙ නැවැත්තුව.ඒ එක්කම වැඩි වෙලා යන්න වුනෙ නෑ ආව M6 795 ,උඩරට මැනිකේ ඩවුන් එක අරගෙන.ඒ කියන්නෙ නොම්මර 16.
කාන්චන කොඩිතුවක්කු රොසැල්ලෙදි ගත්ත පින්තූරයක් |
අපිට අවසර.දැන් ආයෙ 785 අපිවත් අරගෙන රොසැල්ලෙන් පිටත් වෙනව බදුලු යන්න.හැටන් වලටත් ලඟයි.කෝ මේ යෝදය නෑ නෙ.මට පේන්නෙ මේකට හැටන් වලිනුත් කෝච්චිය මිස් වෙයි වගෙ.මම හිතින් කල්පනා කරා.කවදාවත් කොළඹින් බදුල්ලට බස් එකේ ගිහිල්ල නැති මට ඒ අත්දැකීම ගැන කිසිම සටහනක් දාන්න විදිහක් නෑ.කෝච්චියෙ නම් ඕන එකක්..
M6 785 න් එන සුපුරුදු ගිඩි ගිඩි ටූ ස්ට්‍රෝක් එන්ජිමේ අපූරු සද්දෙට ආස කරන අපි තුන් දෙනාම ඒ සද්දෙ අහගෙන ඔහේ පැද්දි පැද්දි යනව.ඒ අස්සෙන් ඉතින් චතුරගෙ සමහර ප්‍රශ්න්වලට උත්තර ඩ්‍රයිවර් බොස්ගෙන් !!
හැටන් වලට කෝච්චිය ලන් වෙනව.ආයෙ ඔන්න අතුරුදහන් වෙලා තිබුන මහ පාර එක පාරම දකුනු පැත්තෙන් මතුවෙනව රේල් පාර ලඟින්ම.ස්ටේශමටත් ආව.අපෙ විරාජ්..හි හී..කෝ නෑ තාම..ෆිල්ම් එකක වගෙ.හැටන් වලිනුත් කෝච්චිය මිස් වෙන්න යන්නෙ.මොනව කරන්නද..
" මල්ලි ඔයාලගෙ යාලුවට නානුඔයෙන්වත් මේක අල්ලගන්න වෙන්න් නෑ.ඔහොම්මම එන්න කියන්න එයාට බදුල්ලටම"
ඩ්‍රයිවර් බොස්ගෙ කටහඬ ආයෙ ඇහෙනව...ඒක තමා ඉතින් දැන් මිනිහට කරන්න තියෙන එකම විකල්පෙ.හැටන් වලින් පස්සෙ නොම්මර 16 කියල නම් කරල තියෙන රේල්ලුවෙ තියෙන දිගම බිම්ගේ,එහෙම නැත්තම් සින්ගිමලේ බිම්ගේ හරහ කෝච්චිය ස්ටේසම පහ කරල පොඩි වෙලාවකින් හම්බවෙනව.ඒකත් අමුතුම අත්දැකීමක්.මුලු කෝච්චියම පෙට්ටි 7ත් එක්කම බිම්ගේ ඇතුලෙ.
එතනින් එලියට ගියාම ටිකක් අමුතු ගතියක් දැනෙනව.සමහරවිට අර කලුවරේ ඉඳන් එක පාරටම අව්වට එන හින්දා වෙන්නැති.කෝම හරි හැටන් වලින් පස්සෙ අර කන්ද නැගගෙන ආපු කෝච්චියට තලවකැලේ වෙනකම් තියෙන්නෙ පල්ලමක යන්නයි.ඒ හින්දා නොච් කරල පිකප් කරල ආපු 785 දැන් ත්‍රොට්ල් එක අය්ඩ්ල් එකට දානව,එහෙමත් නැත්තම් බින්දුවට දාල ඩයිනමික් බ්‍රේක් වලින් පල්ලමේ යනව.හරියට බයිසිකලයක් කන්ද පල්ලමේ පිඹල යනව වගෙ.ඩයිනමික් 4 ට විතර දාගෙන යන්නයි තියෙන්නෙ.
ඒ පල්ලමෙ ස්වභාවය අනුව නම් ඒක ඉවර වෙන්නෙ තලවකැලේ ස්ටේශමෙන්.ඉතින් ඔන්න ආව කියමුකො තලවකැලේට.එතන් ඉඳන් නම් ආයෙ පෙනි පෙනී යන්න තියෙන වට වන්ගු ගාන බොහොම සැර ඒව.නානුඔයට වෙනකම් තියෙන සීඝ්‍ර නැග්ම ඒ තරම් ලේසි පහසු එකක්මත් නෙමෙයි !!
Monday, February 4, 2013
M6 785 එන්ජීමේ නැගලා බදුල්ලෙ ගිය ගමන දෙවනි කොටස
ඔන්න ඉතින් ඒ පාර රඹුක්කනින් කෝච්චිය පිටත් වෙන්න හදනකොට මම රින්ගල හිටියෙ ටොයිලට් එකට ඉන්න බැරිම තැන.ඉතින් ඕක මට විතරක් හැදෙන එකක් ය,හරි හරි ...කෝම හරි මම එලියට එද්දි කෝච්චිය පිටත් වෙනව..ඒත් එක්කම මීටර් 10ක් යන්න වුනේ නෑ දඩාස් ගාල බ්‍රේක් පාරක් ගැහුව.අත්දැකීම අනුව නම් ඒක කරේ ගාඩ් මහත්තයා.කට්ටිය එබි එබී පස්ස බලනව.මාත් ගිහින් බැලුව කෝච්චිය නතර කරල හින්දා.කොල්ලෙක් යන කෝච්චියෙන් බහින්න ගිහින් වැටිලා තුවාල වෙලා.වැඩිම අමාරුවක් නෑ..ඒත් තුවාලයි.හපොයි.එතනම විනාඩි 15 ක විතර ඉන්න වුනා.ඒ අස්සෙත් පින්තූර කීපයක් අරගත්ත අපි.ඒ වැඩේ ඉවර වෙලා ඔන්න ආයෙ යන්න පිටත් වුනා.
රඹුක්කන ඉඳන් කඩුගන්නාව වෙනකම් බොහොම අගේ ඇති ප්‍රදේශයක් අපිට හම්බවෙන්නෙ.කෝච්චියෙන් නුවර යන කෙනෙක්ට ඔය ඒරියා එක අනිවාර්යයෙන්මමතක තියෙන කොටසක්.මොකද මෙච්චර වෙලා එක දිගට වෙල යායවල් මැදින් හැල්මේ දුවපු කෝච්චිය,එක පාරට අමාරුවෙන් සද්දෙ දාගෙන කන්ද අදින්න ගන්නවනේ..අඩි 44ක් ගියාම අඩියක් උඩට ඉස්සෙන විදිහට හදල තියෙන මේ අරුම පුදුම කෝච්චි පාර ඔස්සේ අපි දැන් උඩට ඇදෙනව.785 න් ඇහෙන ගිඩි ගිඩි ගිඩි බීට් එකේ සද්දෙ මට නුහුරු දෙයක් නොවුනාටෑඅ සද්දෙ අහන්න අහන්න ආසයි.ඒ අස්සෙ පොඩි පින්නක් වැටිල රේල් පාරට.වීල් ස්ලිප් නොකරනවාම නෙමේ.කෝච්චියෙ කොහේ හිටියත් කන්දක් අදිනකොට ඇහෙන සද්දෙ වෙනස් වෙනකොට කියන්න පුලුවන් ඕක ගැන.මොකද ස්ලිප් ගහනකොට එන්ජින් එක වැඩි වෙනව,එන්ජිම රේස් වෙනව නෙ.සද්දෙ වෙනස් වෙනව.ඉතින් ඔය අස්සෙ අපි කඩිගමුව හරියට ආව.
හදිසියෙම විරාජයා කෝල් කරල කියනවා " මචන්,මට දැන් මහරගම යන්න වෙනව බන්,එන්න වෙන්නෙ නෑ.උඹලා පලයල්ල.අනේ බන්ට් තරහ වෙන්නෙපා" කියල.මම දන්නව එනව නම් බෑ කියන්නෙ නෑ කියල.මම කිව්වා ට්‍රයි කරපන්,බැරිම බ්නම් මක් කරන්නද කියල..
ඒ පාර මිනිහ තිව්වෙ හිතේ සතුටකින් නෙමේ.මම අනිත් ඩබලටත් වෙච්ච දේ පැහැදිලි කරා.දැන් ආයෙ කන්ද නගිනව අපිත් කෝච්චියත් එක්කම.ඉහල කෝට්ටෙ පහු වෙනවත් එක්කම විරාජ් කතා කරල කියනව " වැඩේ ගොඩ,මම එනව මචන්,ශුවර් " කියල..
ආයෙ වෙන මොන කතාද.හැබැයි පොඩි අවුලක්.මිනිහට කෝච්චිය පේරදෙනියට එද්දි එන්න පුලුවන්ද කියන එක.
කිව්වත් වගේ පේරාදෙනියට කෝච්චිය එද්දි මූ නෑ.හුටා !!
පේරාදෙනියෙ තියෙන්නෙ හන්දියක් නේ.
හරියට අපේ රේල් හන්දිය වගෙද මන්දා..
ඉතින් ත්‍රිකෝණාකාරව තියෙන මේ කොටසෙදි පොඩි මැනිකෙ කෝච්චිය ඉස්සරහට ගිහින් ආයෙ නුවර පැත්තට තියෙන වේදිකාවට රිවර්ස් කරල නවත්තන්නෙ.දැන් ඒකත් ඉවරයි යන්න හදන්නෙ.විරාජ්ට කෝච්චිය මගෑරුනා. " මම නාවලපිටියෙන් අල්ලගන්නම්" කියපු විරාජ් බස් එකකට ගොඩ වුනාලු පේරා වලින්.
අපි නාවලපිටියට ගියා.මූ තාම මග.හයියෝ වෙන දේවල්.
දැන් පේරාදෙනියෙදි කොළඹින් ආව ඩ්‍රයිවර් බොස් බහිනව නේ
ඒ හින්ද මම අනිත් ඩබලත් එක්ක ගියා එන්ජිම පැත්තට පොඩ්ඩක්.යනකොට ලොක්කා ඉන්නව අපෙ දිහා බලාගෙන.හැබැයි මම දැක්කම අහනවා " ආ සඳරුවන් මල්ලි,කොහෙද යන්නෙ" කියල."එනව කියල කිව්වෙත් නෑ" කියල ,මම ෆුල් අන්ද මන්ද වුනා...මම අහනව " ඇයි අයියෙ _ අයියා එක්ක යන්න හිටියෙ,එයාගෙ ටර්න් එක ඔයාට දුන්න නේ,කිව්වෙ නැද්ද අපි එනව කියල" කෝම හරි නිදිමතේ අපෙ ලොක්කා මේ ලොක්කට කියල නෑ.හොඳ වෙලාවට දෙන්නම මම අඳුරනව.ඒ හින්ද අනාරාධිතව වුනත් අපිව පිලිගත්තෙ තියෙන මනුස්සකමට.
බෑග් මලු සෙට් එක අරගෙන එන්න ගිහින් අපි තුන් දෙනා ආයෙ ඇවිල්ල එන්ජිමට ගොඩ වුනා.නාවලපිටියට සමුදුන්න අපි ඉතුරු පැය හයේ අපූරු ගමනට මුල පිරුවා.ඔන්න ආයෙ 785 සද්දෙ දාගෙන මැනිකෙ අරගෙන අඩිය අඩිය නගිනවා ඉඟුරු ඔය පැත්තට..
"ඉතින් මල්ලී....මොනවද අලුත් විස්තර??" ඩ්‍රයිවර් බොස් අහන ප්‍රශ්නේ ....
රඹුක්කනදි ගත්ත පැනොරාමාව |
නොම්මර 40 හෙවත් මහනුවර මාතර කෝච්චිය |

Wednesday, January 9, 2013
කෝච්චිය එනතුරු පාලම උඩ
මම අද උදේම රේල් හන්දියෙන් ගහපු ලස්සන කලු වුනත් දැකුම්කලු අපේම ටී ශර්ට් එකත් ඇඳගෙන ගෙදරින් පිටත් වුනේ කෝච්චියක් අල්ලගන්නෙ නැතුව ගෙදර එන්නෙ නෑ කියල හිතාගෙනමයි.සාමාන්‍යෙන් මාව සෙනසුරාදට අල්ලගන්න ටිකක් අමාරුයි.කොටින්ම නිවාඩු දවස උනාට ගෙදර නෑ.ඉන්න තැනක් දන්නෙත් නෑ,මේ ඉන්නව,මේ අතුරුදන්.
ඉතින් අද ගෑල්ලමයා එක්ක රවුම් ගහ ගහ ඉන්දැද්දි කොග්ගල ගියා.මේ පහල පින්තූරෙ තියෙන්නෙ මම ආසම තැනක්.ඉස්සර මම ඔතන දැකල තිබුනෙ කතරගම යද්දි අහුවෙන තැනක් විදිහට.මොකද ගාල්ලෙ ආවත් කොග්ගල පැත්තෙ මම එවෙන්නෙම නෑ.ඉතින් හෙන ආසයි ඒ පාලම කොහෙද කියල හරියට දැනගන්න.එදා මාතර හයික් එක ගිය වෙලාවෙ අපිට මෙතනදි අස්ප වේගෙන් ගිය M4 එක මිස් වුනා නෙ.
අද මම මෙතනට ආවෙ හවස 4.48ට.ඒ කියන්නෙ ගාල්ලෙන් ගාලු කුමාරි මාතර යන්න පිටත් වෙන්නෙ 4.45ට හින්ද මෙතනදි අල්ලගන්න පුලුවන් වෙයි කියල හිතන්.මගෙ වෙලාවටම අද කෝච්චිය පරක්කුයි.ඉතින් 5.24 වෙනකම් බලාගෙන හිටියෙ ගෑල්ලමයටත් පරක්කු වෙලා තියෙද්දි.බැරිම තැන ආපහු එන්න හදනකොටම මෙන්න ගල් මාලුවා මතු වෙච්චි.ෆෝන් එක ගත්තා..පින්තූරෙකුත් ගත්තා.
කොලිටි එක නම් ඒ තරම් නෑ..ඒත් මට අවස්තාව සෑහෙන වැදගත් වුනා.ආසව තිබුනා.ඉශ්ට කරගත්ත.
දකුනෙ ලස්සන තැන් වලින් එකක් නේ මේ කොග්ගල ඒරියා එක.කොග්ගල ස්ටේශම පහු වුන ගමන් මාතර පැත්තට යද්දි මේ පාලම අහුවෙන්නෙ.මම මේක ගත්තෙ මහ පාරෙ තියෙන පාලම උඩ ඉඳන්.ඔන්න ඕකයි කතාව..මට මොන දේ වෙනුවෙන් බැරි වුනත් කෝච්චියක් එනකම් ඉවසන් ඉන්න පුලුවන් !!!
කෝච්චියක් HDR කරමුද?
කැමති නම් අත්හදා බලන්න..
HDR (එච්. ඩී. ආර්) ෆොටෝ ගැන දන්නව නෙ....?
මේ කියන්න හදන්නෙ High Dynamic Range එහෙම නැත්තම් අධි ගතික පරාසයකින් යුක්ත කෝච්චි ෆොටෝ එකක් හදාගන්න විදිහ.
ඔයාල ගාව තියෙන කැමරාව මොකක් වුනත් බලන්න සෙටින්ග්ස් වල තියෙද කියල එක්ස්පෝස් (exposure) කියල සෙටින්ග් එකක්.එහෙම නැත්තම් Ev අගය කියල ඇති.අන්න ඒක වෙනස් කරල පින්තූර තුනක් වත් අඩුම තරමෙ ගන්න ඕන.ඒ කියන්නෙ Ev අගය 0 තියල සාමාන්‍ය ව්දිහට පේනකොට එකක් ගන්න.Ev අගය අඩු කරල (Eg: -2)එකක් තව ගන්න.ඊ ගාවට වැඩි කරල (Eg: +2)තවත් එකක් ගන්න.මේ විදිහට තුනක් හරි ඊට වැඩි අගයන් දෙපැත්තට සමානව දීල කීපයක්ම ගන්න.මේ වැඩේට ට්‍රයිපොඩ් තියෙනව නම් වඩා ලේසි.නැත්තම් අලයින්මන්ට් හදන්න අමාරු වෙනව.
දැන් ඔය පින්තූර කීපයම ෆොටෝශොප් වලින් ඕපන් කරගන්න.ෆයිල් මෙනුවේ ඔටෝමේට් වලින් මර්ජ් ටු එච් ඩී ආර් කියන කොටසට යන්න
ඊට පස්සෙ යුස් කියන එකෙන් ෆයිල් තෝරන්න.දැන් ඕපන් කරගෙන තියෙන පින්තූර ටික සිලෙක්ට් කරන්න ඕන හින්දා ඇඩ් ඕපන් ෆයිල්ස් කියන කමාන්ඩ් එක දීල වැඩේ අහවර කරගන්න නම් ඕ කේ කරන්න.දැන් වැඩේ ඉබේ කෙරෙයි.බලන් ඉන්න ටිකක්.ඊට පස්සෙ මේ HDR පින්තූරෙ වගෙ එකක් හදාගන්න පුලුවන්.
HDR වලට මීට වඩා හොඳ සොෆ්ට්වෙයා තියෙනව.ඒත් මේ කිව්වෙ නම් ෆොටෝශොප් වලින් කරගන්න විදිහයි.ට්‍රයි කරල බලන්න.වැඩේ අසාර්තකම නැති වේවි !!
Subscribe to:
Posts (Atom)