Rail videos
Wednesday, September 5, 2012
නුපුරුදු ඉසව්වකට පිය නැගූ මොන්ට්‍රියෙල්
Thursday, August 30, 2012
Rail Hike 6 අභියස
Rail Hike 6 නැත්නම් දුම් රිය පා ගමන 6 වන අදියර.. සඳරුවන් මලය, ටජ්මාල් මලය වගේ පිස්සන්ගෙ පිස්සුව සුව නොවෙන තාක් කල් ජීවිතේ නොවිඳපු අත්දැකීම් විඳින්න අවස්ථාව උදා කරන තවත් එක වැඩක් තමා මේ පා ගමන්.. පිස්සුව කොච්චරද කියල තේරෙනවනෙ මේ යන්න 6 වෙනි අදියර කීවම. අනික ගිය මාසෙ 13 වෙනිද ගියා 5 වන අදියර..
අද රෑ යන්නෙ 6.
2012 අගෝස්තු මාසේ 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත් වන තැපැල් දුම්රියෙන් පට්ටිපොල දක්වා දෙවන පන්තියේ ප්‍රවේශපත්‍රයක් ගෙන... පට්ටිපොලට !
31 වනදා උදෑසන 6ට පමන පට්ටිපොල දුම්රිය ස්තානයෙන් පිටත් වී,ඔහිය හරහා ඉදල්ගස් හින්න දුම්රිය ස්තානයට ගමන් කර.
එතැන් සිට උඩරට මැණිකේ දුම්රියෙන් හපුතලේ හෝ වෙලාව අනුව බන්ඩාරවෙල දක්වා ගමන් කර,
එතැන් සිට නැවත කොළඹ කොටුව දක්වා බදුල්ලෙ සිට පැමිනෙන රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹට ..
මෙන්න සැලැස්ම.
අද උදේ සඳය දාල තියෙනව ආසම හිතෙන දෙයක් මූණු පොතේ. ඒ තමයි අපිට බිම්ගෙවල් 18ක් පහු කරන්න තියෙනව කියන එක. හැමදාමත් උදේ හවස කොළඹ යන එන ගමන් බෝතලේදි එක බිම් ගෙයක් පහු කරනව. ඒත් බිම් ගෙවල් 18ක්... හිතා ගන්න බෑ. 18ක්...!!!
මූණු පොතේනම් මේ වෙනකොට 106 දෙනෙක් එනව කියල කියනව. ඒත් ඉතින් එච්චරනම් එන්නෙ නෑ තමයි. ඒ කෙසේ වෙතත් 50ක් විතර අනිවර්යෙන්ම ඒවි.
මේක නම් අලුත්ම අත්දැකීමක් වෙනව කියන එක අනිවර්යයි.
ගොඩක් කල් තිබුණ ආසාවක් ඉෂ්ඨ වෙන්න යන මේ වෙලාවෙ මම නම් ඉන්නෙ ගොඩක් තිගැස්මෙන්.. ඒ වගේම සංතෝසෙන්... 31 වෙනිද ගෙදර ආවම අනිවර්යෙන්ම ගමන් ගැන විස්තර ඇතුව පොස්ට් එකක් රේල් හංදියෙ ලියන්නම් යන්න ආවෙ නැති අයට කියවන්නත් එක්ක...
එහෙනම් හවසට කොල ලයිට් එක වැටෙනකල් මම නවතින්නම්..
මේ ගමන යන්න අපිට පිස්සු හදපු සඳරුවන් කුඩාහෙට්ටි මලයවත්, ටජ්මාල් වික්‍රමසිංහ මලයවත් ආයෙමත් ආදරෙන් මතක් කරන්නම්.. අපේ ගමනට අපිටම ආශිර්වාද වේවා... කිසිත් අතුරු ආබාධයක් නොවේවා... කෝච්චි පරක්කු නොවේවා..
Sunday, March 18, 2012
ගාල්ල - අඵත්ගම අධිවේගී දුම්රිය මාර්ගයේ පලමු පරීක්ෂණ ධාවනය
ඔන්න දැන් මැදිරි 12 දාල ඇන්ජිමත් දැම්ම . ඒත 748ට දුම්රිය ආරක්ෂාකාරීව ධාවනයට සුදුසු තරම් රික්තයක් (Vacuum ) නිපදවාගැනීමට නොහැකිවිය .. එනිසා අපිට 744ට අවස්ථාවක් දීමට සිදුවිය.
පසුපස නියාමක මැදිරියේ මට ලැබුනු තැන G.P.S receiver එක අටවාගත්තෙමි . වෙලාවල් සහ වේගය පිරවීම කොලයක්ද ලැබුනී... රේල්ලුවේ රස්සාව ලැබුන වගේ මාත් වැඩේට බැස්ස . හිතුවට වඩා වැඩේ අමාරුවිය .
අපේ උන්‍ට පොටෝ ගැසිය යුතුය .. ඒ අතරම කොලයත් පිරවිය යුතුය . නියාමක තුමාට අවසන් තත්පරයට කාලය උවමනා වීය . ඒ අතර උපරිම වේගයත් ලියාගන්න වෙලා . යන යෑමට අකුරු හකුරු වී ලියවෙයි .. ඒ අස්සෙ Section අතරෙ කාලය මැනීමට ගනන් හදන්නටත් වුනේය (කැල් එකක් නැතුව)
කලින් උඩ පැන පැන සද්දෙ දාගෙන ගිය ගමනට වඩා බොහෝ සුවපහසු ගමනක් වුනා මෙ ගමන. අලුතෙන් වෙනස් කරපු ඉස්ටේසන් අමාරුවෙන් හරි පොටෝගහගත්ත
කොචිචිය වංගුවල කිසි ගානක් නැතුව යනන්වුනා ....... එත් සමහර තැන්වල අලුතෙන් හදන පාලම් නිසා අනාරක්ෂිත හරස්මාර්ග නිසා අපිට 45 ට 50ට යන්නත් වුනා . උපරිම 80ක් දැම්ම 744. එයාගෙ වයාසෙ හැටියට ඒ හොදයි .
කලින් අනුමාන කල කාලය විනාඩි 40 ක් වුනත් මග කොටලත් යන්තන් පැයෙන් ආව අළුත්ගමට .
අපි එනකොට 878 චීනයෙන් ගෙනා මැදිරි 12 අමුනගෙන හිටිය ගාල්ලෙ යන්න . අපිත් පොඩි වෙලාවක් හිටිය . ඒ අස්සෙ SHED අසසෙ රිංගන්නත් වෙලාවක් සෙට්වුනා .
ඔන්න දැන් 19 ඉදල උදේ /4.45slow /5.05 Express /5.20 slow /5.20 Ruhuna තියෙනව අළුත්ගමට යන්න .. මට සහයදුන් සියල්ලට ස්තුතිවේවා .......
එසැනින් පුවත් - ප්‍රථම ගමනට අපේ එකෙක්....
ඒ අපේ විදුර සචින්තන විජේරත්න සහෝදරය.
ලැබුණු ආරංචි වලට අනුව නම් ඔහුට ඒ ගමනේදී භාරදූර කටයුත්තක්ද පැවරී ඇත.
ප්‍රථම ගමන පණ ගන්වන්නේ M4 දැවැන්තයෙක්
අහිනවයෙන් ගොඩනැගෙන ගාල්ල - කොළඹ බවත්,
Thursday, March 15, 2012
අපි නොදුටු පුංචි කෝච්චිය සොයා අනුරාධපුරයට ගිය ගමන
කෝච්චි ගැන පිස්සුව අපිට මේ ලගදි ආපු එකක් නිසා . කැලණිවැලි මාර්ගයේ පුංචි කොච්චිය නැති වෙනකන් අපි එක ගැන හරියට දැනගෙන හිටියෙ නැ .
පස්සෙ දැකපු පොටෝ විඩියො වලට ඇහැට කදුලු ආව අනේ අපිට මෙ පුංචි කෝච්චියේ යන්න වාසනාව නැතිවුනා නේද කියල .
ඒත් එකකම අපි වැඩිදෙනාගෙ හිතට ආපු හීනය තමයි කවද හරි පුංචි කොච්චියේ යන එක . දැනට ඉන්දියාවෙ ඩාජීලිං හිමාලයන් රේල් පාර තමයි මම දන්න විදිහට සංරක්ෂණය වන එකම පටු දුම්රිය මාරගය .. එව දැක්ම තවත් ආසාව වැඩිවුනා .ඒත් කෙහොමද ඒකෙ යන්නෙ .????? ඉතින් පොටෝ විතරක් බලල සැහීමකට පත්වෙන්න වුනා .
ඒ අතරෙ තමයි අපිට ආරන්චිවුනේ 2012 දැයට කිරුළෙ පටු දුම්රිය පාරක් හදනබව .. යන්තන් බලාපොරොත්තුවේ ඡායාවක් වැටෙන්න පටන්ගත්ත , කවදාවත් නොගිය මේ පුන්චි කොච්චියේ යන්න ලැබෙයි කියල .
ඔපිසියේ වැඩ ගොඩක හිරවෙලා හිටියට කොහොම හරි දැයට කිරුළ යනව කියල තීරනය කරා ..... අපේ නඩේ ගුරා සදරුවන් සහෝදරයගෙන් ඇහුවත් එන්න බැ කිවුව නිසා , ලගදි ඉදල අපිට කිට්ටු වෙච්ච අසංක උදාර සහෝදරයයි, කෝච්චියට ආදාරේ කරන කවුරුත් එකවගේ ආදරය කරන අපේ ටජ්මාල් සහෝදරයයි සෙට් වුනා මගෙත් එක්ක යන්න . 5උදේ කිරුළෙ ගේට්‍ටුව අරිනකොටම එතන ඉන්නවයි කියල හිතල අපි 4 රැ තැපැල් දුම්රියේ යන්න තිරනය කරා . මොබිටෙල් එකෙන් 365 ගහල දෙවනපන්තියේ නිදන මැදිරි ආසද 3ක් බුක් කරා. ටජා අපිට එන්න ටිකට් 3 බුක් කරා...
ඔන්න ඉතින් අපි 4 හවස කොටුවට සෙට්වුනා .. එවෙලෙ තමයි මම දන්නෙ ඉෂ් කෝරලගේ එනව කියල අපිත් එක්ක යන්න . ටිකට් බුක් කරල නැති නිසා අපි ඉෂ්‍ට සීට් එකක් අල්ල දෙන්නම් කියල පොරොන්දුවුනා “දුම්රිය වේදිකාවේ නැවැත්වීමට පෙර එයට ගොඩවීමට තැත්කිරිම මහත් අනතුරුදායක බැවින් මගීන් එසේ කිරීමෙන් වැලකී සිටින්න ” කියල කිවුවට අපි ගොඩවෙලා ඉෂ් කෝරලගේට නියම සීට් එකක් අල්ල දුන්න (අපි කිවුවට මම) . ටජා මෙලෝසිහියක් නැතුව කොච්චිය ඇදන් ආපු M8 එක පස්සෙ දිවුව .
.ඔන්න ඉතින් රැ 10.30ට කොච්චිය පිටත්වුනා .. මට යන්තං රාගමට විතර ගියා මතකයි අයෙ ඇහැරුනේ තලාව හරියෙදි . අසංකයයි ටජයි සිහිනැතිවෙලා වගේ නිදි .
ඔන්න උදේ 3.30ට අපි අනුරාදපුර ඉස්ටේසමට බැස්ස . ඒක එයිතිහාසික නගරයට තවත් එයිතිහාසික දවසක් මොකද අපේ ටජ්මාල් සහෝදරයා පොල්ගහවෙල පහුකරල උතුරු දුම්රිය මාර්ගයේ ආපු පලමු ගමන . අපිටම කියල එදා M8 එකකුත් දාල දීපු නිසා වෙලාවටම ආව .
ඉස්ටේසමේ කැන්ටිම අරිනකන් කරුවලේම වට පිට පොටෝ ගහන්න පටන් ගත්ත සෙට්එක. කැන්ටිම ඇරපු ගමන් බඩපිරෙන්න ඉදිආප්ප පාරක් දාගත්තෙමු. ඒත් වැඩිවෙලා වේදිකාවේ සිටිමට අපිට නොලැබුනි . වේදිකා වෙන් අපිව පන්නාගන්නට එහි සේවකයෝ කටයුතු කලහ.........!
යන එන මං නැතිවු අපි සරණක් සොයා ජය සිරිමහා බෝධිය දෙසට පයින්ම ගියා . පලමු හෝ දෙවැනි වතාවටද කොහෙද අනුරාධපුරේ ආව ටජ්මාල් ට වට පිට පෙන්නන්න ලැබුන ලොකු අවස්ථාවක වුනා ඒක ... සිරිමහා බෝධිය අසලම සුදු පැහැයෙන් බබලන රුවන්වැලිය ටජ්මාල්ට පෙනුනේ M4 745 ලෙසයි ... තවද 750 (ඉසුරුමුණි)තියෙන පැත්තත් පෙන්නුව.
ආයෙත් තරන්න දෙයක් නැති කමට ඉස්ටේසම පැත්ටම ගියා ... අපි ඉස්ටේසමට කිට්ටු කරනකොටම ඇහුනෙ M9 එකක සද්දයක් , අපිට මතක්වුනේ අපිත් එක්ක ආවෙ නැතත් කුඩාහෙට්ටි , තමන්ගේ නියෝජිතය එවල .
එක පාරටම එතෙන්ට ආපු හමුදාවෙ වහනකින් අපිව අල්ල දාගත්ත ඇතුලට.....!
ඒ ඇවිල්ල තිබුනෙ අසංක සහෝදරයගෙ අයිය කෙනෙක් .අපිව කිසි කරදරයක් නැතුව ඔයාමලුවට එක්කරගෙන ගියා . නැත්තන් කිලෝමීටර් 25 මාර කට්ටක් කනව .
දැයට කිරුළ භුමියට ගියත් අපි හැමෝගෙම ඔලුවෙ තිබ්බෙ අර ලස්සන පුංචි කොච්චිය කොහෙන් මතුවෙයිද කියන එකයි .
එක පාරටම සෙනග අස්සෙන් දැක්ක ඉහලට ඉස්සුන රේල් ගේට්ටුවක් . අපි ට මාර සතුටක් ආවෙ .අපි මෙච්චර කල් බලාගෙන හිටපු ඒ අවස්ථාව අපිට උදාවෙච්ච එක ගැන