Rail videos

Sunday, March 3, 2013

M6 785 එන්ජීමේ නැගලා බදුල්ලෙ ගිය ගමන තුන්වෙනි කොටස


"විශේශයක්මත් නෑ ඉතින්.වෙනද වගෙ නිවාඩු දවසෙ කෝච්චියක් අල්ලගෙන ෆොටෝ ගන්න එක තාම කරගෙන යනව" කියල මම කිව්වා.ඒ වගෙම ඉතින් පහුගිය කාලෙ පොඩි පොඩි විස්තර එහෙම මම කිව්වා.නාවලපිටියෙ ඉඳන් බදුල්ලට යනකම්ම එක එල්ලෙ ඉස්සරහ බලාගෙන යන්න පුලුවන් තරම්ම ලස්සනක් පරිසරයට ආස කරන ඕනම කෙනෙක්ට දැනෙන බව බය නැතුවම කියන්න පුලුවන් දෙයක්..

ඒ අස්සෙ චතුරයි කොඩ්තුවක්කුවයි දෙන්නා පින්තූර ගන්නව අරහෙන් මෙහෙන් එබි එබී.

මට ඒ අස්සෙ කල්පනා වෙනව අර යකා දැන් කොහෙද දන්නෑ කියල්.එතකොටම චතුර කියනව මෙන්න බන් විරාජය මැසේජ් කරනව ඌට කෝච්චිය පේනව කියල බස් එකෙ යද්දි.නින්ද ගිහින්ද මන්ද ඉතින්.ඒව මම දන්නෑ..කෝම හරි හැටන් වලදිවත් එන්න කියපන් කියලා මම කිව්වා..

ඒ අස්සෙ මට අමතක වුනානෙ අනිත් ඩබලව අපෙ ඩ්‍රයිවර් ලොක්කට අඳුන්වලා දෙන්න.මම ඉතින් ඒ දෙන්නටම කතාකරගන්න ඇරියා.වැඩේ ටිකක් ඩේන්ජරස් වුනාට මම ආසම දේ තමා M6 වල යද්දි දොර පැත්තෙන් තියෙන නිසා,ඒක ඇරගෙන පොඩ්ඩක් හුලඟ වැදීගෙන ෆුට් බෝඩ් යන්න.කෝච්චිය හෙමීට යන හින්දා වැඩි ගැස්සිල්ලකුත් නෑනෙ.ඔය අස්සෙ පින්තූර ගන්නයි වීඩියෝ කරගන්නයි මම අමතක කරෙත් නෑ..


ඉතින් හෙමීට ගල්බොඩ හරහා වටවලට ගියා කියමුකො.යන්න සිග්නල් දීල නෑ. " ක්‍රොසිමක් " මරු..නියමායි..
ඔය උඩහ පැත්තෙ යද්දි කෝච්චියෙන් ක්‍රොසිමක් සෙට් වෙනව කියන්නෙ පොඩි විවේකයක්.පොඩ්ඩක් කෝච්චියෙන් බැහැල,එහෙට මෙහෙට යතෑකි. !!
නානුඔය පැත්තෙ ඉඳන් මොකද්දෝ කෝච්චියක් එන බවක් නම් දැනුන.අපි තුන් දෙනා එන්ජිමෙන් බැහැල පොඩ්ඩක් ඉස්සරහට ගිහින් පින්තූර කීපයක් අරගත්ත.ඒ වෙලාවෙ මම අනිත් දෙන්නට පෙන්නුව "අන්න බන් අතනින් දැන් කෝච්චිය එද්දි ලස්සනට පෙනේවි" කියල ඈතට අත දික් කරලා.

ඔන්න ටික වෙලාවකදි හෝන් එකක් ඇහුන ඈතින්.ඒක W3 එන්ජිමක හෝන් එකක් බව මට තේරුනා.ඒ තරම් ෆෝටෝ ගන්න ආස නොවෙන එන්ජිමක් වුනත් කෝච්චියක් නේ කියල හිතාගෙන අපි රෙඩි වෙලා හිටිය පින්තූර කීපයක් ගන්න.W3 669 එන්ජිමෙන් පෙට්ටි 2ක් ඇදගෙන නාවලපිටිය පැත්තට යනව ඔන්න.ඒක වටවල නවත්තලා ටැබ්ලට් එක දුන්නහම.ඒක මැශිමට දාල කරල අපේ කෝච්චියට ටැබ්ලට් එක දුන්නම අපිට යන්න පුලුවන් වෙනව.ඔන්න සිග්නල් එකත් හරි.ආයෙ පිටත් වෙන්න හදන්නෙ.අපි තුන් දෙනා ආයෙ එන්ජිමට ගොඩ වුනා...


වටවල පහු කරගෙන ආයෙ යනකොට අපිට දකුනු අත පැත්තෙන් දිගටම පේන්න තියෙන පල්ලමේ ගෙවල් එහෙම බොහොම පොඩියට පේන්නෙ අපි ගොඩක් උඩින් ගමන් කරන හින්දයි.ඒ එක්කම ඈත් කන්දේ බස් එකක් ගිනි පෙට්ටියක් වගේ පොඩියට පේනව.ඒ දිහා මම ගොඩක් වෙලා බලාගෙන හිටිය පොඩි ලමයෙක් කඩේක තියෙන සෙල්ලම් බඩුවක් දිහා බලන් ඉන්නව වගෙ.
වැඩි වෙලාවක් එහෙම ඉන්න වුනෙ නෑ.මට මතක් වුනා රොසැල්ල ලඟයි නේද කියල.මම අනිත් ඩබලට මතක් කරා ඔන්න බන් ලන්කාවෙ ලොකුම ඒ කියන්නෙ පත සයිස් වන්ගු දෙක එනවා රොසැල්ලෙ, පින්තූර ගනිල්ලා කියල.

රොසැල්ලෙ තියෙනව අරය මීටර 100 ට වැඩි මහ විසාල වන්ගු දෙකක්.හරියටම ඉන්ග්‍රීසි හෝඩියේ S අකුරෙ හැඩේට පේනවලු උඩින් බැලුවොත්.රොසැල්ල ස්ටේසම පෙනි පෙනී වමට හැරිලා මෙහා කන්දෙන් ගිහින් ආයෙ දකුනුට හැරිල ගියාමයි ස්ටේසමට එන්නෙ කෝච්චිය.අපි එතනට ගිහින් පලවෙනි වේදිකාවෙ නැවැත්තුව.ඒ එක්කම වැඩි වෙලා යන්න වුනෙ නෑ ආව M6 795 ,උඩරට මැනිකේ ඩවුන් එක අරගෙන.ඒ කියන්නෙ නොම්මර 16.

කාන්චන කොඩිතුවක්කු රොසැල්ලෙදි ගත්ත පින්තූරයක්
අපිට යන්න අවසර නෑ තවම.උඩරට මැනිකෙ ආයෙ ගමන් පටන්ගත්තෙ රොසැල්ලෙන් සෙනග එහ මෙහා වුනාමයි.ඔන්න අපි පහු කරන් ආපු වන්ගුවෙන් ඈතට යනකොට ගොඩාක් ලස්සන පින්තූරයක් කොඩිතුවක්කුගෙ එකේ සටහන් වුනා කියල නම් අද වගෙ මතකයි.

අපිට අවසර.දැන් ආයෙ 785 අපිවත් අරගෙන රොසැල්ලෙන් පිටත් වෙනව බදුලු යන්න.හැටන් වලටත් ලඟයි.කෝ මේ යෝදය නෑ නෙ.මට පේන්නෙ මේකට හැටන් වලිනුත් කෝච්චිය මිස් වෙයි වගෙ.මම හිතින් කල්පනා කරා.කවදාවත් කොළඹින් බදුල්ලට බස් එකේ ගිහිල්ල නැති මට ඒ අත්දැකීම ගැන කිසිම සටහනක් දාන්න විදිහක් නෑ.කෝච්චියෙ නම් ඕන එකක්..
M6 785 න් එන සුපුරුදු ගිඩි ගිඩි ටූ ස්ට්‍රෝක් එන්ජිමේ අපූරු සද්දෙට ආස කරන අපි තුන් දෙනාම ඒ සද්දෙ අහගෙන ඔහේ පැද්දි පැද්දි යනව.ඒ අස්සෙන් ඉතින් චතුරගෙ සමහර ප්‍රශ්න්වලට උත්තර ඩ්‍රයිවර් බොස්ගෙන් !!




හැටන් වලට කෝච්චිය ලන් වෙනව.ආයෙ ඔන්න අතුරුදහන් වෙලා තිබුන මහ පාර එක පාරම දකුනු පැත්තෙන් මතුවෙනව රේල් පාර ලඟින්ම.ස්ටේශමටත් ආව.අපෙ විරාජ්..හි හී..කෝ නෑ තාම..ෆිල්ම් එකක වගෙ.හැටන් වලිනුත් කෝච්චිය මිස් වෙන්න යන්නෙ.මොනව කරන්නද..

" මල්ලි ඔයාලගෙ යාලුවට නානුඔයෙන්වත් මේක අල්ලගන්න වෙන්න් නෑ.ඔහොම්මම එන්න කියන්න එයාට බදුල්ලටම"

ඩ්‍රයිවර් බොස්ගෙ කටහඬ ආයෙ ඇහෙනව...ඒක තමා ඉතින් දැන් මිනිහට කරන්න තියෙන එකම විකල්පෙ.හැටන් වලින් පස්සෙ නොම්මර 16 කියල නම් කරල තියෙන රේල්ලුවෙ තියෙන දිගම බිම්ගේ,එහෙම නැත්තම් සින්ගිමලේ බිම්ගේ හරහ කෝච්චිය ස්ටේසම පහ කරල පොඩි වෙලාවකින් හම්බවෙනව.ඒකත් අමුතුම අත්දැකීමක්.මුලු කෝච්චියම පෙට්ටි 7ත් එක්කම බිම්ගේ ඇතුලෙ.

එතනින් එලියට ගියාම ටිකක් අමුතු ගතියක් දැනෙනව.සමහරවිට අර කලුවරේ ඉඳන් එක පාරටම අව්වට එන හින්දා වෙන්නැති.කෝම හරි හැටන් වලින් පස්සෙ අර කන්ද නැගගෙන ආපු කෝච්චියට තලවකැලේ වෙනකම් තියෙන්නෙ පල්ලමක යන්නයි.ඒ හින්දා නොච් කරල පිකප් කරල ආපු 785 දැන් ත්‍රොට්ල් එක අය්ඩ්ල් එකට දානව,එහෙමත් නැත්තම් බින්දුවට දාල ඩයිනමික් බ්‍රේක් වලින් පල්ලමේ යනව.හරියට බයිසිකලයක් කන්ද පල්ලමේ පිඹල යනව වගෙ.ඩයිනමික් 4 ට විතර දාගෙන යන්නයි තියෙන්නෙ.

ඒ පල්ලමෙ ස්වභාවය අනුව නම් ඒක ඉවර වෙන්නෙ තලවකැලේ ස්ටේශමෙන්.ඉතින් ඔන්න ආව කියමුකො තලවකැලේට.එතන් ඉඳන් නම් ආයෙ පෙනි පෙනී යන්න තියෙන වට වන්ගු ගාන බොහොම සැර ඒව.නානුඔයට වෙනකම් තියෙන සීඝ්‍ර නැග්ම ඒ තරම් ලේසි පහසු එකක්මත් නෙමෙයි !!

4 comments:

  1. නියමයි..මෙහෙම වැඩක් රේල්ලුවෙන් පිට කවුරුත් කරල නැතුව ඇති. සමහරුන්ට මේව විහිලු වෙන්න පුලුවන්, ඒත් අපි දන්නවනම් අපි කරන දේ හරි කියල එච්චරයි.. මේක නම් සිරා වැඩක්..........මම මේක මුල ඉදන්ම වගේ බැලුව...හන්දියට ජයෙන් ජය!

    ReplyDelete
  2. niyami aiya fatta....

    ReplyDelete
  3. නියමෙට ලියල තියනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...