Rail videos

Monday, February 4, 2013

M6 785 එන්ජීමේ නැගලා බදුල්ලෙ ගිය ගමන දෙවනි කොටස

ඔන්න ඉතින් ඒ පාර රඹුක්කනින් කෝච්චිය පිටත් වෙන්න හදනකොට මම රින්ගල හිටියෙ ටොයිලට් එකට ඉන්න බැරිම තැන.ඉතින් ඕක මට විතරක් හැදෙන එකක් ය,හරි හරි ...කෝම හරි මම එලියට එද්දි කෝච්චිය පිටත් වෙනව..ඒත් එක්කම මීටර් 10ක් යන්න වුනේ නෑ දඩාස් ගාල බ්‍රේක් පාරක් ගැහුව.අත්දැකීම අනුව නම් ඒක කරේ ගාඩ් මහත්තයා.කට්ටිය එබි එබී පස්ස බලනව.මාත් ගිහින් බැලුව කෝච්චිය නතර කරල හින්දා.කොල්ලෙක් යන කෝච්චියෙන් බහින්න ගිහින් වැටිලා තුවාල වෙලා.වැඩිම අමාරුවක් නෑ..ඒත් තුවාලයි.හපොයි.එතනම විනාඩි 15 ක විතර ඉන්න වුනා.ඒ අස්සෙත් පින්තූර කීපයක් අරගත්ත අපි.ඒ වැඩේ ඉවර වෙලා ඔන්න ආයෙ යන්න පිටත් වුනා.

රඹුක්කනදි ගත්ත පැනොරාමාව
රඹුක්කන ඉඳන් කඩුගන්නාව වෙනකම් බොහොම අගේ ඇති ප්‍රදේශයක් අපිට හම්බවෙන්නෙ.කෝච්චියෙන් නුවර යන කෙනෙක්ට ඔය ඒරියා එක අනිවාර්යයෙන්මමතක තියෙන කොටසක්.මොකද මෙච්චර වෙලා එක දිගට වෙල යායවල් මැදින් හැල්මේ දුවපු කෝච්චිය,එක පාරට අමාරුවෙන් සද්දෙ දාගෙන කන්ද අදින්න ගන්නවනේ..අඩි 44ක් ගියාම අඩියක් උඩට ඉස්සෙන විදිහට හදල තියෙන  මේ අරුම පුදුම කෝච්චි පාර ඔස්සේ අපි දැන් උඩට ඇදෙනව.785 න් ඇහෙන ගිඩි ගිඩි ගිඩි බීට් එකේ  සද්දෙ මට නුහුරු දෙයක් නොවුනාටෑඅ සද්දෙ අහන්න අහන්න ආසයි.ඒ අස්සෙ පොඩි පින්නක් වැටිල රේල් පාරට.වීල් ස්ලිප් නොකරනවාම නෙමේ.කෝච්චියෙ කොහේ හිටියත් කන්දක් අදිනකොට ඇහෙන සද්දෙ වෙනස් වෙනකොට කියන්න පුලුවන් ඕක ගැන.මොකද ස්ලිප් ගහනකොට එන්ජින් එක වැඩි වෙනව,එන්ජිම රේස් වෙනව නෙ.සද්දෙ වෙනස් වෙනව.ඉතින් ඔය අස්සෙ අපි කඩිගමුව හරියට ආව.
නොම්මර 40 හෙවත් මහනුවර මාතර කෝච්චිය

හදිසියෙම විරාජයා කෝල් කරල කියනවා " මචන්,මට දැන් මහරගම යන්න වෙනව බන්,එන්න වෙන්නෙ නෑ.උඹලා පලයල්ල.අනේ බන්ට් තරහ වෙන්නෙපා" කියල.මම දන්නව එනව නම් බෑ කියන්නෙ නෑ කියල.මම කිව්වා ට්‍රයි කරපන්,බැරිම බ්නම් මක් කරන්නද කියල..
ඒ පාර මිනිහ තිව්වෙ හිතේ සතුටකින් නෙමේ.මම අනිත් ඩබලටත් වෙච්ච දේ පැහැදිලි කරා.දැන් ආයෙ කන්ද නගිනව අපිත් කෝච්චියත් එක්කම.ඉහල කෝට්ටෙ පහු වෙනවත් එක්කම විරාජ් කතා කරල කියනව " වැඩේ ගොඩ,මම එනව මචන්,ශුවර් " කියල..
ආයෙ වෙන මොන කතාද.හැබැයි පොඩි අවුලක්.මිනිහට කෝච්චිය පේරදෙනියට එද්දි එන්න පුලුවන්ද කියන එක.

කිව්වත් වගේ පේරාදෙනියට කෝච්චිය එද්දි මූ නෑ.හුටා !!


පේරාදෙනියෙ තියෙන්නෙ හන්දියක් නේ.
හරියට අපේ රේල් හන්දිය වගෙද මන්දා..
ඉතින් ත්‍රිකෝණාකාරව තියෙන මේ කොටසෙදි පොඩි මැනිකෙ කෝච්චිය ඉස්සරහට ගිහින් ආයෙ නුවර පැත්තට තියෙන වේදිකාවට රිවර්ස් කරල නවත්තන්නෙ.දැන් ඒකත් ඉවරයි යන්න හදන්නෙ.විරාජ්ට කෝච්චිය මගෑරුනා. " මම නාවලපිටියෙන් අල්ලගන්නම්" කියපු විරාජ් බස් එකකට ගොඩ වුනාලු පේරා වලින්.

අපි නාවලපිටියට ගියා.මූ තාම මග.හයියෝ වෙන දේවල්.
දැන් පේරාදෙනියෙදි කොළඹින් ආව ඩ්‍රයිවර් බොස් බහිනව නේ


ඒ හින්ද මම අනිත් ඩබලත් එක්ක ගියා එන්ජිම පැත්තට පොඩ්ඩක්.යනකොට ලොක්කා ඉන්නව අපෙ දිහා බලාගෙන.හැබැයි මම දැක්කම අහනවා " ආ සඳරුවන් මල්ලි,කොහෙද යන්නෙ" කියල."එනව කියල කිව්වෙත් නෑ" කියල ,මම ෆුල් අන්ද මන්ද වුනා...මම අහනව " ඇයි අයියෙ _ අයියා එක්ක යන්න හිටියෙ,එයාගෙ ටර්න් එක ඔයාට දුන්න නේ,කිව්වෙ නැද්ද අපි එනව කියල" කෝම හරි නිදිමතේ අපෙ ලොක්කා මේ ලොක්කට කියල නෑ.හොඳ වෙලාවට දෙන්නම මම අඳුරනව.ඒ හින්ද අනාරාධිතව වුනත් අපිව පිලිගත්තෙ තියෙන මනුස්සකමට.

බෑග් මලු සෙට් එක අරගෙන එන්න ගිහින් අපි තුන් දෙනා ආයෙ ඇවිල්ල එන්ජිමට ගොඩ වුනා.නාවලපිටියට සමුදුන්න අපි ඉතුරු පැය හයේ අපූරු ගමනට මුල පිරුවා.ඔන්න ආයෙ 785 සද්දෙ දාගෙන මැනිකෙ අරගෙන අඩිය අඩිය නගිනවා ඉඟුරු ඔය පැත්තට..

"ඉතින් මල්ලී....මොනවද අලුත් විස්තර??" ඩ්‍රයිවර් බොස් අහන ප්‍රශ්නේ ....


2 comments:

  1. upcountry cab ride එකක් යන එක. මගේ ලොකු ආසාවක්

    ReplyDelete
    Replies
    1. මාත් ගිහින්ම නෑලු... :(

      Delete

Related Posts Plugin for WordPress, Blogger...