Rail videos

Sunday, January 6, 2013

රේල්ලුවෙන් පිට කට්ටියක් කෝච්චි එන්ජිමක් හෝදපු පලවෙනි වතාවේ කතාව


2012-12-28 

ඔන්න අද දවස ගෙවුන හැටි...
කාලෙක ඉඳන් මට තිබුන මහා අමාරුවක් තමයි මහ විසාල කෝච්චි එන්ජින් හොදන්නෙ කොහොමද 
බලන්න.ඒක ඒ තරම් දෙයක්ය කියල හිතුනෙත් නෑ හැබැයි.ඉතින් මට ඕන වුනා ඒ වගෙ එන්ජිමක් අරගෙන මටත් හෝදන්න පුලුවන්ද බලන්න.මොකද මම ඒවට පට්ට ආදරේ කරනව.,ඒ වගෙම සෑහෙන රෙස්පෙක්ට් 
විදිහට කෝච්චි එන්ජිමක් දිහා වුනත් බලන්නෙ...ලොල්

පින්තූරෙ නම් ගත්තෙ සුරේශ් කව්ශල්‍ය
ඒ හින්දම මම ට්‍රයි කරා ඒ වැඩේ කරන්න,තනියම කරන්න බෑනෙ.ඉතින් හන්දියෙ කෝච්චි යාලුවො 
කීප දෙනෙක්වත් එකතු කරන් වැඩේ කරන්න හැදුවා.අද තමා දවස.මේ අවුරුද්දෙ අන්තිම කෝච්චි 
ඉවෙන්ට් එක.හයික් 7 එකත් කැන්සල් වුනානෙ.හිතට පට්ට අවුල් ඒ හින්දම.ඒ පාර අද උදේම සාගරික එකෙන් මමයි සුරේශයයි කොළඹ ආව.
ටජා ආවෙ ටිකක් දවල් වෙලා ගාලු කුමාරි එක්ක.ඒ පාර චරියා වෙලාවට ඇවිල්ල හිටිය හින්ද අවුලක් වුනෙ නෑ.හැබැයි කෝරලයා එන්න තමා වෙලාව ගියේ 
ගාල්ලෙ ඉඳන් උදේ පාන්දර අපි එද්දි කෝරලයා බුදියගෙන හොඳට කාල බීල දවල් වෙලා මෙන්න එනෝ ඒ 
පාර.හරි මේ ඉන්නෙ සෙනග.කතා කරගත්ත විදිහට ELS  එකෙන් M9 එකක් ඉල්ලගත්ත.

M9 869 ...ටජා නැග්ග එන්ජිමෙ වහලට,ගැහුව 
කරාමෙට වතුර බටේ.ඇල්ලුව වතුර හෝ ගාල.එන්ජිම හේදෙනකොට සතුටේ බෑ.
අකටත් වඩා ඒ වෙලාවෙ මට ආපු සතුටට මගෙ ඇස් දෙක්න් ජබොක් ගාල කඳුලු බින්දුවක් වැටුන M9 එක 
උඩටම.ඒක කව් රුවත් දැක්කෙ නෑ.මම වතුර පොඩ්ඩක් මූනට අල්ලගත්ත ඒක නොපෙනෙන්න...හෙහ් හේ..


කොහොමහරි ටී පෝල් වලින් සුද්ද කරල බොහොම අගේට නාවල ගත්තු M9 එකේ සුද්ද කරන වැඩේට අපිට 
පැයක් දෙකක්ම ගියා.ඔය වැඩේ බලන්න මුලු ශෙඩ් එකේම අයියලා සැරින් සැරේ ඇවිල්ල බලන් හිටිය හොරෙන් හොරෙන්.මේක මේ විකාර වැඩක් මත් නෙමේයි ඉතින්.පිස්සුවක් වුනාට මේ වැඩේ කලින් රේල්ලුවෙන් පිට අය කරල තිබුනෙ නෑ නෙ.වැඩේ අමාරුයි අවන්කවම කියනව නම්.ඒත් මහන්සිය දැනෙන්නේ  නෑ.

ඔය අස්සෙ අපෙ වැඩේ දිහා බලාගෙන හිත යටින් ගොඩාක් සන්තෝස වුන කෙනෙක් එතන හිටිය.එයා තමයි වැඩේ ඇරේන්ජ් කරල දුන්නෙ

ඉතින් අන්තිමේ වැඩේ ඉවර කරල සෙට් එකම ඉඳල පින්තූරෙ ගන්නකොට මරේ මරු.ඒ මොහොත ආයෙ එයිද දන්නෙ නෑ.හැබැයි ජීවිතේ කෙනෙක්ට ලන් කරගන්න අමාරු,සොඳුරුතම මොහොතක් විදිහට මම ඒක අත් වින්ද.ආපු ,උදව් කරපු ඔක්කොමලාට ස්තුති.පින්තූර ගන්න මහ කැමරාව ගෙනාපු සුරේශ්ට,අතුල්ලලා 
හොදපු ඉශාට වගේම කුනු යවන්න නියපොත්ත අඹරවපු චරියට,හොරාට ඔෆිස් එකෙන් පැනල ඇවිල්ල විඩියෝ කරපු දර්ශනයා වගෙම M9 එක උඩ ඉඳන් අයිස් මල්ලෙන් ටැප් එක ඇරල වතුර සප්ලයි කරපු ටජාට වගෙම 
මටත් මම ස්තුති වෙනව.ඒ මේ වැඩේ කරන්න මට අයිඩියා එක දුන්නට.. ලොල්
එකේ කාර්‍ය මන්ඩලයට වගේම නන් අයුරින් සහය දීපු ඔක්කොටම ස්තුති

අන්තිමේ අර අහවක් අයිස් කැබ් රයිඩ් එක දාල රුහුනෙ නැගල කට ඇරගෙන නිදාගන ආපු අපි ගෙවල් වලට එද්දි රෑ බෝ වෙලා...

හන්දිය වෙනුවෙන් තවත් දවසක් ඉවර කරා

5 comments:

  1. එල එල .
    සුභ පැතුම් ඈ...

    ReplyDelete
  2. oya thiyenne.Blog 1th naggala gamu?

    ReplyDelete
  3. අඩෝ මේක නම් සිරා වැඩක්!
    කෝච්චියේ හැමදාම වැඩට යන උන් පත්තර කොලයක් අරන් සීට් එකයි, වටේ පිටේ හැමතනමයි පිහිදාන එක මට ඉස්සර විහිළුවක් වගේ. මට හිතුනේ උන් එහෙම කරන්නේ කෝච්චියේ තියෙන කුණු උන්ගේ ඇඟේ ගැවෙනවට බයේ පිහිදනවා කියලා . මොකද මම නම් ඔය මොන ජරාව ගැවුනත් මොකද කියලා ෆුට් බෝඩ් එකෙත් වාඩි වෙලා යන නිසා .
    එත් දවසක් මම අඳුරන අන්කල් කෙනෙක් දුන්න නියම උත්තරයක්. "අපිවත් මේවා මෙහෙම පිහිදුවේ නැත්නම් කව්ද පුතා මේවා සුද්ද කරන්නේ ?" කියල.
    එදා ඉඳන් මම ඒ වැඩේ දිහා බලන්නේ ෆුල් රෙස්පෙක්ට් පිට. පොදු දේපලක් එහෙම හරි පරිස්සම් වෙනවා නේද කියලා ....


    මමත් ආසාවෙන් හිටියේ මේ වගේ වැඩකට සෙට් වෙන්න . එත් ඉතින් සඳරුවන් නිවාඩු දවසට අපි ඔෆිස් එකේනේ . දුක තමා .

    ReplyDelete
  4. නියමයි..මෙහෙම වැඩක් රේල්ලුවෙන් පිට කවුරුත් කරල නැතුව ඇති. සමහරුන්ට මේව විහිලු වෙන්න පුලුවන්, ඒත් අපි දන්නවනම් අපි කරන දේ හරි කියල එච්චරයි.. මේ අවස්ථාවට සෙට්වෙන්න බැරි උනු එක ගැන නම් පට්ට අවුල්. මක් කරන්නද.. හන්දියට ජයෙන් ජය! (y)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...