අපි අන්තිමට නතර කලේ තලවාකැලේ නේ.ඔන්න බොලේ ඒ පාර නම් වැඩේ බරපතලයි.දන්නවද ඒ මොකද කියල ඔයාල.තලවකැලේ ඉඳන් වටගොඩ,ග්‍රේට් වෙස්ටර්න් හරහා නානුඔයට වෙනකම් තියෙන්නෙ තියුනු කැපුම් වගෙම බිම් ගෙවල් දෙකකුත් පහු කරගෙන බොහොම අගේ ඇති තේ වතු ලෝකයක් මැදින් ඉහලට සීරුවෙන් එසවෙන්නයි.මේක කියන තරම් සුලු පටු එකක් නෙමේ.කොටින්ම තියෙන වන්ගු ප්‍රමානෙ හිතාගන්නවත් බැරි තරම්.ඔන්න පේනවා,මෙන්න පහු වුනා වගෙ..එක තැන කෝච්චිය කැරකෙනවා.මේ කැරකෙන කැරකිල්ල ඉස්සර මට හිතාගන්න බෑ.මුලින්ම බදුල්ලෙ ගියපු දවසෙත් ( හරියට මතක නෑ කොයි කාලේද කියල )මට මතකයි ඔය වටගොඩට කලින් හම්බවෙන ඒරියා එකේ තියෙන සෝඩා බෝතල් කටේ වන්ගු සැට් එක යන්තම් වගෙ.කෝච්චිය අපි ආපු දිසාවටම කැරකෙනවා වගෙ දැනෙනව එක දිගට.ඒ වෙද්දි මම ඒ හරිය අපෙ රේල් හන්දියෙ සෙට් එකත් එක්ක හයික් 4 ඉවෙන්ට් එකත් එක්ක කවර් කරල තිබුනෙ.ඒ කියන්නෙ පයින් ගිහිල්ලයි තිබුනෙ.ඒ නිසා පාර හොඳට මතකෙ තියෙනව.16 බිම් ගේ.( තලවකැලේ වටගොඩ අතරෙ )පහුවෙනවත් එක්ක පටන් ගන්න මේ වන්ගු සීන් එක තමයි නියම.මොකද ඒ බිම් ගේ එක්කම උඩින් ආයෙත් පේන රේල් පාරට පහල රේල් පාරෙ ඉඳන් තියෙන්නෙ මීටර් 100කටත් අඩු දුරක්.ඒත් ඒ උස නගින්න කෝච්චියකට නම් හැතැක්ම භාගෙක වගෙ දුරක් රේල් පාරෙන් යන්න වෙනව.ඒ තරම් වටයකිනුයි යන්න ඕන ඒ පුන්චි උසටත්.අනේ මන්ද මීට වඩා පැහැදිලි කරන්න ඕන කෝමද කියල...හරි හරි...දැන් ඉතින් ඒ වන්ගු පහු කරගෙන අපි ගියා ය කියමුකෝ වටගොඩට.ඊ ගාවට ග්‍රේට් වෙස්ටර්න්.මම ආසම තැනක්.පුදුම ලස්සනක්.ඒ අසිරිය විඳින්න නම් මේකෙන් බෑ.ඔයත් ගිහින් නෑ නම් හෙටම යන්න..ලොල්..
![]() | ||
|
නානුඔයට සමුදුන්නෙ ටිකක් දුකෙන්.මොකද ගොඩක්ම ආස කරන තැනක් නිසා...
![]() |
ස්ලිප් ගහන කොට එන්ජිමේ පෙන්නුම් කරන කොටස අපේ කැමරාවලින් |
මේ සැරේ වැලි පොඩ්ඩක් හල හල අර ස්ලිප් එකටත් මූන දීගෙන 785 ගානකට නොගෙනම පට්ටිපොලට ගියා.සීතල මීදුම් ගුලාවක් එක්ක අතුරුදන් වෙලා ගියපු වැස්ස පේන තෙක් මානෙක නෑ දැන්.ඉර පායල නෑ,හැබැයි යන්තම් ආලෝකමත් වෙලා තියෙනව.අර උඩරටට ආවේනික අමුතු ගුප්ත ස්වරූපෙ නම් පරිසරය ගිලගෙනඉවරයි දැන් නම්.පට්ටිපොල ස්ටේසම පහු කරගෙන තවත් කිලෝමීටරයක් වගෙ ගියාම විශේශිත තැනක් හම්බවෙනව කියල සමහරු න
ම් දන්නව...ඒ තමයි අපේ රටේ කෝච්චි පාරෙ උසම තැන.අපි පහු කරපු පට්ටිපොල ස්ටේසම තමයි උසින්ම පිහිටල තියෙන ස්ටේසම. (දැනට භාවිතා වෙන )මේ සමිට් ලෙවල් එක පහු කරද්දි ඒ ගැන සටහන් වෙන බෝඩ් දෙක දකිද්දි හිතට දැනෙන අමුතු හැඟීම කෝච්චියට ආදරේ කරන අයට වගෙම මටත් දැනෙනව කොයි තරම් වත් එතනින් යන වාරයක් පාසාම.
මේ බෝඩ් දෙක පහු වෙනවත් එක්කම තමයි ආයෙ පල්ලම පටන් ගන්නෙ.ඔන්න ඉතින් දැන් කෝච්චී පවර් එකෙන් ආපු කොටහ ඉවර වෙනව.දැන් තියෙන්නෙ අර ඩයිනමික් එක පාවිච්චි කරගෙන පල්ලමේ හැල්මේ දුවන්නයි.ආයෙත් ඇහෙන M6 එන්ජිමේ ඩයිනමික් සද්දෙ මතක් වෙද්දිත් ආයේ මේ දවස එනව නම් කියල මට අනන්ත වාර හිතිල ඇති..ඔය සමිට් එක පහු කරල පුන්චි දුරකදි 18 වෙනි බිම් ගේ හමුවෙනව.අපි මේවයේ ඇවිදලා පුරුදු උදවිය නිසා ආඩම්බරකමකුත් හිතේ නැත්තෙමත් නෑ.ඔන්න මේ අරුම පුදු ම බිම් ගේ පහු වෙනව එක්කම අපි ඌව පලාතට ඇතුල් වෙනව.එතකොට දේශගුන කලාපෙ වෙනස් වෙනව.පලාත් මායිම වැටිල තියෙන්නෙ මේ 18 බිම් ගේ හරහා.විටෙක දැකිය හැකි අපූරු දර්ශනයක් මෙතනදි කෙනෙක්ට අහම්බෙන් දකින්න පුලුවන්. ඒ තමා බිම්ගේ පට්ටිපොල දෙසින් ඇතුලු වෙද්දි ගන මීදුම වගෙම තෙත් පරිසරයකුත් .අනෙක් පසින් පිට වෙද්දි හිරු එලිය වැටුනු වියලි කාලගුනයකුත් දකින්න ලැබෙන එක.අපිට නම් ඒ වෙනස ගොඩක්ම හොඳින් මේ ගමනෙදි අත්විඳින්න වුනෙ නෑ.ඒ වුනාට 18 පහු කරන් යද්දි නම් වම් පසින් පෙනෙන්න පටන් ගත්ත මහා ගන මීදුම අතරින් අපි ඉදිරියට යද්දි මට නම් දැනුනෙ අහසෙ වලාකුලු තුලින් ඇදිල යන කෝච්චියක ඉන්නව වගෙ.
හෙමින් හෙමින් අපි ඔහිය ස්ටේසමට කිට්ටු කරද්දි වෙලාව හරියටම හවස දෙකයි.මහා වැස්සක ලකුනු අහසෙන් පේන්න ගත්තා.ස්ටේසම ඇවිල්ල කෝච්චිය නවත්තපු ගමන් ස්තානාධිපති තුමා බොහොම කලබලෙන් දුවගෙන ඇවිල්ල ඩ්‍රයිවර් මහත්තයගෙ අතට කොලයක් දීල කියපු දේට අපි තුන් දෙනාගෙ කටවල් ඇරුනා.රියදුරු සහයක උන්නැහෙ සීට් එකෙන් නැගිට්ටෙත් පුදුමෙන් ද මන්ද.කොහොම වුනත් ටිකක් බය හිතෙන වගෙම අමුතුම හැඟීමක් හිතට ආවෙ මොනවයින් මොනව වෙයිද දැන් කියල හිතෙද්දි..අර ගෙනාපු කොලේ වගෙම සාතානාධිපති තුමාගෙ වචන සෙට් එක ගැන දැනගෙන ඉස්සරහට යන්න නම් ඊ ගාව කොටස ලියනකම් බලන් ඉන්න වෙයි..
හමුවෙමු.කියෙව්වට ස්තුති .
ko pasweni kotasa...............
ReplyDeleteniyama post eka , okkoma kiyewwa.......ithuru ewa danna.......
ReplyDelete