
කෝච්චි ගැන පිස්සුව අපිට මේ ලගදි ආපු එකක් නිසා . කැලණිවැලි මාර්ගයේ පුංචි කොච්චිය නැති වෙනකන් අපි එක ගැන හරියට දැනගෙන හිටියෙ නැ .
පස්සෙ දැකපු පොටෝ විඩියො වලට ඇහැට කදුලු ආව අනේ අපිට මෙ පුංචි කෝච්චියේ යන්න වාසනාව නැතිවුනා නේද කියල .
ඒත් එකකම අපි වැඩිදෙනාගෙ හිතට ආපු හීනය තමයි කවද හරි පුංචි කොච්චියේ යන එක . දැනට ඉන්දියාවෙ ඩාජීලිං හිමාලයන් රේල් පාර තමයි මම දන්න විදිහට සංරක්ෂණය වන එකම පටු දුම්රිය මාරගය .. එව දැක්ම තවත් ආසාව වැඩිවුනා .ඒත් කෙහොමද ඒකෙ යන්නෙ .????? ඉතින් පොටෝ විතරක් බලල සැහීමකට පත්වෙන්න වුනා .
ඒ අතරෙ තමයි අපිට ආරන්චිවුනේ 2012 දැයට කිරුළෙ පටු දුම්රිය පාරක් හදනබව .. යන්තන් බලාපොරොත්තුවේ ඡායාවක් වැටෙන්න පටන්ගත්ත , කවදාවත් නොගිය මේ පුන්චි කොච්චියේ යන්න ලැබෙයි කියල .
ඔපිසියේ වැඩ ගොඩක හිරවෙලා හිටියට කොහොම හරි දැයට කිරුළ යනව කියල තීරනය කරා ..... අපේ නඩේ ගුරා සදරුවන් සහෝදරයගෙන් ඇහුවත් එන්න බැ කිවුව නිසා , ලගදි ඉදල අපිට කිට්ටු වෙච්ච අසංක උදාර සහෝදරයයි, කෝච්චියට ආදාරේ කරන කවුරුත් එකවගේ ආදරය කරන අපේ ටජ්මාල් සහෝදරයයි සෙට් වුනා මගෙත් එක්ක යන්න . 5උදේ කිරුළෙ ගේට්ටුව අරිනකොටම එතන ඉන්නවයි කියල හිතල අපි 4 රැ තැපැල් දුම්රියේ යන්න තිරනය කරා . මොබිටෙල් එකෙන් 365 ගහල දෙවනපන්තියේ නිදන මැදිරි ආසද 3ක් බුක් කරා. ටජා අපිට එන්න ටිකට් 3 බුක් කරා...
ඔන්න ඉතින් අපි 4 හවස කොටුවට සෙට්වුනා .. එවෙලෙ තමයි මම දන්නෙ ඉෂ් කෝරලගේ එනව කියල අපිත් එක්ක යන්න . ටිකට් බුක් කරල නැති නිසා අපි ඉෂ්ට සීට් එකක් අල්ල දෙන්නම් කියල පොරොන්දුවුනා “දුම්රිය වේදිකාවේ නැවැත්වීමට පෙර එයට ගොඩවීමට තැත්කිරිම මහත් අනතුරුදායක බැවින් මගීන් එසේ කිරීමෙන් වැලකී සිටින්න ” කියල කිවුවට අපි ගොඩවෙලා ඉෂ් කෝරලගේට නියම සීට් එකක් අල්ල දුන්න (අපි කිවුවට මම) . ටජා මෙලෝසිහියක් නැතුව කොච්චිය ඇදන් ආපු M8 එක පස්සෙ දිවුව .
.ඔන්න ඉතින් රැ 10.30ට කොච්චිය පිටත්වුනා .. මට යන්තං රාගමට විතර ගියා මතකයි අයෙ ඇහැරුනේ තලාව හරියෙදි . අසංකයයි ටජයි සිහිනැතිවෙලා වගේ නිදි .
ඔන්න උදේ 3.30ට අපි අනුරාදපුර ඉස්ටේසමට බැස්ස . ඒක එයිතිහාසික නගරයට තවත් එයිතිහාසික දවසක් මොකද අපේ ටජ්මාල් සහෝදරයා පොල්ගහවෙල පහුකරල උතුරු දුම්රිය මාර්ගයේ ආපු පලමු ගමන . අපිටම කියල එදා M8 එකකුත් දාල දීපු නිසා වෙලාවටම ආව .
ඉස්ටේසමේ කැන්ටිම අරිනකන් කරුවලේම වට පිට පොටෝ ගහන්න පටන් ගත්ත සෙට්එක. කැන්ටිම ඇරපු ගමන් බඩපිරෙන්න ඉදිආප්ප පාරක් දාගත්තෙමු. ඒත් වැඩිවෙලා වේදිකාවේ සිටිමට අපිට නොලැබුනි . වේදිකා වෙන් අපිව පන්නාගන්නට එහි සේවකයෝ කටයුතු කලහ.........!
යන එන මං නැතිවු අපි සරණක් සොයා ජය සිරිමහා බෝධිය දෙසට පයින්ම ගියා . පලමු හෝ දෙවැනි වතාවටද කොහෙද අනුරාධපුරේ ආව ටජ්මාල් ට වට පිට පෙන්නන්න ලැබුන ලොකු අවස්ථාවක වුනා ඒක ... සිරිමහා බෝධිය අසලම සුදු පැහැයෙන් බබලන රුවන්වැලිය ටජ්මාල්ට පෙනුනේ M4 745 ලෙසයි ... තවද 750 (ඉසුරුමුණි)තියෙන පැත්තත් පෙන්නුව.
ආයෙත් තරන්න දෙයක් නැති කමට ඉස්ටේසම පැත්ටම ගියා ... අපි ඉස්ටේසමට කිට්ටු කරනකොටම ඇහුනෙ M9 එකක සද්දයක් , අපිට මතක්වුනේ අපිත් එක්ක ආවෙ නැතත් කුඩාහෙට්ටි , තමන්ගේ නියෝජිතය එවල .
එක පාරටම එතෙන්ට ආපු හමුදාවෙ වහනකින් අපිව අල්ල දාගත්ත ඇතුලට.....!
ඒ ඇවිල්ල තිබුනෙ අසංක සහෝදරයගෙ අයිය කෙනෙක් .අපිව කිසි කරදරයක් නැතුව ඔයාමලුවට එක්කරගෙන ගියා . නැත්තන් කිලෝමීටර් 25 මාර කට්ටක් කනව .
දැයට කිරුළ භුමියට ගියත් අපි හැමෝගෙම ඔලුවෙ තිබ්බෙ අර ලස්සන පුංචි කොච්චිය කොහෙන් මතුවෙයිද කියන එකයි .
එක පාරටම සෙනග අස්සෙන් දැක්ක ඉහලට ඉස්සුන රේල් ගේට්ටුවක් . අපි ට මාර සතුටක් ආවෙ .අපි මෙච්චර කල් බලාගෙන හිටපු ඒ අවස්ථාව අපිට උදාවෙච්ච එක ගැන