Rail videos

Sunday, March 18, 2012

ගාල්ල - අඵත්ගම අධිවේගී දුම්රිය මාර්ගයේ පලමු පරීක්ෂණ ධාවනය

උදේ 5.45 ට විතර උඩ ගිහින් ඇහැරුනේ ජංගමය නාද වීමෙනි ... මොන කරදරයක්ද කියා අතට ගත්තද මෙච්චර ලොකු දෙයක් යයි හිතුනේ නැත. මා හොදින් අදුනන දුම්රිය නියාමක මහතෙකු මා ඇමතීය ‍විශේෂ වැඩක් නැත්තන් එන්න අපි අද Trail යනවා යැයි කීය . තවමත් හීනෙන්ද යැයි සිතුවද ඇත්තම කෝල් එකක් යයි ටිකවෙලාවකින් තේරුමිගියේය .
ඉක්මනටම ලැස්තිවුයේ අපේ දුම්රිය යනව කියපු වෙලාවට යනවාම කියා දන්නා නිසාය . මාතර පලමු ගමනේ G.P.S report එකක් දුම්රිය සේවයට දීමට හැකිවු නිසාම මෙවරද එසේම කිරීමට සිතුනේය .
G.P.S receiver එකයි මගේ කැමරාවයි බැග් එකට දාගෙන ඉස්ට්සම‍ට ගියා වෙලාවටම. කෝච්චියක පේනතෙක්මානයක නැත . පස්සෙ දැක්කෙ පලවෙනි වේදිකාව තිබුනට‍ ඒ‍කෙ රේල්පාරක් නැත .. බැකෝ එකක් නම් තියෙනව දැක්ක .
දෙවනි වේදිකාවෙ M8 878 ඉන්නව Loud Speaker දෙකක් බැදගෙන .එයා වෙලාවටම නිවේදනයක් දීගෙන ගාල්ලෙන් පිටත්වුනා..... ජනතාව කරුණාවෙන් සවන්දෙන්න .. තව සුළු මොහෙතකින් අධික වේගයෙන් දුම්රියක් ධාවනය කරන බැවින් මාර්ගය අසල රැදි නොසිටින්න ,දුම්රිය මාර්ගය හරයා යාමේදී සැලකිලිමත් වෙන්න
ඔන්න ටික වෙලාවකින් කළු මල්ලි කෙනෙක් (Class y)
අස්සක තිබුන ‍රුමේනියන් මැදිරි 12 එලියට ඇදල ගත්ත .
ඒක තමයි අපිට අළුත්ගම ගෙනියන්න තිබුන දුම්රිය . ගාල්ල ධාවනාගාරයේ M4 එකක් ස්ටාර්ට් කරනවාත් ඒ සමගම ඇසුනි .

ඔන්න දැන් මැදිරි 12 දාල ඇන්ජිමත් දැම්ම . ඒත 748ට දුම්රිය ආරක්ෂාකාරීව ධාවනයට සුදුසු තරම් රික්තයක් (Vacuum ) නිපදවාගැනීම‍ට නොහැකිවිය .. එනිසා අපිට 744ට අවස්ථාවක් දීම‍ට සිදුවිය.





















පසුපස නියාමක මැදිරියේ මට ලැබුනු තැන G.P.S receiver එක අටවාගත්තෙමි . ‍වෙලාවල් සහ වේගය පිරවීම‍ කොලයක්ද ලැබුනී... රේල්ලුවේ රස්සාව ලැබුන වගේ මාත් වැඩේට බැස්ස . හිතුවට වඩා වැඩේ අමාරුවිය .






අපේ උන්‍ට පොටෝ ගැසිය යුතුය .. ඒ අතරම කොලයත් පිරවිය යුතුය . නියාමක තුමාට අවසන් තත්පරය‍ට කාලය උවමනා වීය . ඒ අතර උපරිම වේගයත් ලියාගන්න වෙලා . යන යෑම‍ට අකුරු හකුරු වී ලියවෙයි .. ඒ අස්සෙ Section අතරෙ කාලය මැනීම‍ට ගනන් හදන්නටත් වුනේය (කැල් එකක් නැතුව)

කලින් උඩ පැන පැන සද්දෙ දාගෙන ගිය ගමන‍ට වඩා බොහෝ සුවපහසු ගමනක් වුනා මෙ ගමන. අලුතෙන් වෙනස් කරපු ඉස්ටේසන් අමාරුවෙන් හරි පොටෝගහගත්ත

කොචිචිය වංගුවල කිසි ගානක් නැතුව යනන්වුනා ....... එත් සමහර තැන්වල අලුතෙන් හදන පාලම් නිසා අනාරක්ෂිත හරස්මාර්ග නිසා අපිට 45 ට 50ට යන්නත් වුනා . උපරිම 80ක් දැම්ම 744. එයාගෙ වයාසෙ හැටියට ඒ හොදයි .




කලින් අනුමාන කල කාලය විනාඩි 40 ක් වුනත් මග කොටලත් යන්තන් පැයෙන් ආව අළුත්ගමට .

අපි එනකොට 878 චීනයෙන් ගෙනා මැදිරි 12 අමුනගෙන හිටිය ගාල්ලෙ යන්න . අපිත් පොඩි වෙලාවක් හිටිය . ඒ අස්සෙ SHED අසසෙ රිංගන්නත් වෙලාවක් සෙට්වුනා .









සාර්ථක දුම්රිය ගමනකින් පස්සෙ ආයෙත් ගාල්ලට යන්න පිටත්වුනා

ඔන්න දැන් 19 ඉදල උදේ /4.45slow /5.05 Express /5.20 slow /5.20 Ruhuna තියෙනව අළුත්ගමට යන්න .. මට සහයදුන් සියල්ලට ස්තුතිවේවා .......

5 comments:

  1. පට්ට මචං විදුරයා. රේල් හන්දියේ අපි කවදත් ඉදිරියෙන්....

    ReplyDelete
  2. niyamai machan.. eswahak katawahak ne niyama vedak :)

    ReplyDelete
  3. දුම්රියට ආදරය කරන දුම්රිය හිතවතුන්ට මේක සෑහෙන දවසක් බලාගෙන හිටපු සතුටුදායක ආරන්චියක්...ඒ කර්තව්‍යයට රේල් හන්දිය වෙනුවෙන් සහභාගි වුන විදුරට මගේ සුභ පැතුම්...

    ReplyDelete
  4. අම්ම ගහයි බැට් එකෙන්..
    ඔන්න තවත් සුපිරි වැඩක්..සමහර අයට මේව පිස්සු වැඩ...ඒත් තැන තැන රස්තියාදු වෙවී කාලෙ කනවට වඩා...මෙන්න වෙනස් වැඩ..
    එළ මචන්.කතාව ලස්සනයි..හරිය !

    ReplyDelete
  5. ඔන්න වැඩ!!! නියමයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...